“ඉන්ටනැශනල් තරඟයක එහෙම දෙයක් වෙන්න බෑ” – වනිඳු හසරංග විනිසුරුවරයාට දොස්පවරයි. -
Conference

“ඉන්ටනැශනල් තරඟයක එහෙම දෙයක් වෙන්න බෑ” – වනිඳු හසරංග විනිසුරුවරයාට දොස්පවරයි.

ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී තුන්වන විස්සයි විස්ස තරඟය, තියුණු තරඟයකින් අනතුරුව ලකුණු 3ක ජයක් වාර්තාකර ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්වුණා. එම තරඟයේදී, අවසන් පන්දුවාරයේ දෙවන පන්දුව නිපන්දුවක් වුවත්, එය නිපන්දුවක් බවට විනිසුරු සංඥා නොකිරීම හේතුවෙන්, තරඟයෙන් අනතුරුව වනිඳු හසරංග එම විනිසුරුවරයා සමඟින් අමනාපයෙන් සිටි බවට ද දැකගන්නට තිබුනා.

තරඟයෙන් අනතුරුව පැවතී මාධ්‍ය හමුවේදී, එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වූයේ, මෙවැනි දෙයක් ඉන්ටනැශනල් තරඟයකදී සිදුවිය නොහැකි බවයි.

“ඒ වගේ දෙයක් ඉන්ටනැශනල් තරඟයකදී වෙන්න බැහැ. එච්චර උඩින් ගිය බෝලයක් පේන්නේ නැ කියන්නේ මම හිතන්නේ ඒ විනිසුරුවරයා ඉන්ටනැශනල් ලෙවල් එකට හරියන්නේ නැහැ. මම හිතන්නේ ඔහු වෙන ජොබ් එකක් කරානම් හොඳයි.

පහුගිය කාලයේ ඒ වගේ දෙයක් වුණාම අපිට රිවීව් කරන්න අවස්ථාව තිබුණා. ඒක දැන් ICC එකෙන් ඉවත් කරලා තිබෙනවා. කමිඳුත් ඒ වෙලාවේ ට්‍රයි කලා ඒ පන්දුව රිවීව් කරලා නැවත ලබාගන්න. කකුලෙන් යන නෝ බෝල් එක තර්ඩ් අම්පෙයාර් බලනවනම්, මේ වගේ දේවලුත් තර්ඩ් අම්පෙයාර්ට බලන්න පුලුවන්. අම්පෙයාර්ට තිබුනා, එයාට ශුවර් නැත්නම් තර්ඩ් අම්පෙයාර්ට යන්න. එහෙම කරෙත් නැ. ඇත්තටම ඒ වෙලාවේ ඔහුගේ ඔලුවේ තිබුණේ මොකක්ද කියලා මම දන්නෑ.”

සිම්බාබ්වේ තරඟාවලියේදී හිස්වී තිබූ ප්‍රේක්ෂකාගාර නැවතත් ප්‍රේක්ෂකයින්ගෙන් පිරී තිබීම දැකගන්නට තිබූ බැවින්, වනිඳු හසරංග සියලුම ප්‍රේක්ෂකයින්ට ද ස්තූතිවන්ත වන බවට ප්‍රකාශ කළා.

“තරඟ තුනේදීම ගොඩක් ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ඇවිත් තිබුණා. ඒගොල්ලො ගොඩාක් අපිට සපෝර්ට් කළා. ඒ සපෝර්ට් එක කණ්ඩායමක් විදිහට ගොඩාක් වටිනවා. T20 ලෝක කුසලානයට යන්න කලින් ලංකාවේ සෙල්ලම් කරපු අවසන් තරඟාවලිය. අපි ඉදිරියේදිත් ඔවුන්ගෙන් ඒ වගේ සපෝර්ට් එකක් බලාපොරොත්තු වෙනවා.”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button