ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි. -
News

ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරඟය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම්කර තිබෙනවා. නව තේරිම් කමිටුව පත්වීමෙන් පසු ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දනංජය ද සිල්වා වෙත පවරනු ලැබුවා. ඒ අනුව මෙම තරගය නව නායකයා යටතේ ක්‍රීඩා කරන පළමු තරගයයි. උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කර තිබෙනවා.

ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය මෙසේයි.

දනංජය ද සිල්වා (නායක) , කුසල් මෙන්ඩිස් (උප නායක) , දිමුත් කරුණාරත්න, නිෂාන් මදුෂ්ක , ඇන්ජලෝ මැතිවුස්, දිනේෂ් චන්දිමාල් , සදීර සමරවික්‍රම ,රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු , විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, කමිඳු මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, ලහිරු උදාර, චාමික ගුණසේකර, මිලාන් රත්නායක.

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන පළමු සහ එකම ටෙස්ට් තරඟය පෙබරවාරි මස 02 වනදා SSC ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button