තාත්තා අද හිටියනම් ගොඩක් සතුටු වේවි. මන් හැම තරඟයක්ම ක්‍රීඩාකරන්නෙ තාත්ත වෙනුවෙන්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු සහ එකම ටෙස්ට් තරඟය හෙට කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරඟයට පෙර මාද්යට අදහස් දක්වමින් ශ්‍රී ලංකා නව ටෙස්ට් නායක දනංජය ද සිල්වා තරඟයේ සුදානම සහ තමන් වෙත් ලැබුණු නව වගකීම පිළිබඳව මෙලෙසින් අදහස් දැක්වුවා.
” පියවරෙන් පියවර අපේ කණ්ඩායම අයි.සී.සී ශ්‍රේණිගත කිරිම්වලින් උඩට ගේන්න තමයි මගේ බලාපොරොත්තුව තියෙන්නෙ. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙ නායකත්වය දරනවා කියන්නෙ ලොකු වගකීමක්. ඒ වගේම මම හිතනවා තාත්තා අද හිටියනම් ගොඩක් සතුටුවෙයි කියලා. මැතිව්ස්, චන්දිමාල්, දිමුත් ඒ තුන්දෙනාගෙන් අපේ කණ්ඩායමෙ හැමෝටම ලැබෙන සහයෝගය ගොඩක් වටිනවා. කලින් වගේම ඒ අයගේ අත්දැකීම් මාත් එක්ක බෙදාගනීවි කියලා මම හිතනවා. මේ තරඟය විතරක් නෙමෙයි හැම තරඟයක්ම මම ක්‍රීඩාකරන්නෙ මගේ තාත්තා වෙනුවෙන්. එයාගෙ බලාපොරොත්තුව තමයි මම ක්‍රිකට් වලින් ඉස්සරහට යනවා දකින එක.
ටෙස්ට් ක්‍රිකට් වලදි පිතිකරණයෙදි සහ පන්දුයැවීමේදි දෙකේදිම ආක්‍රමණශීලී මානසිකත්වයක් තියෙන්න ඕනෙ. කිසිම කණ්ඩායමක් අවතක්සේරු කරන්න බැහැ. අපේ හොඳම ක්‍රීඩකයින් එක්ක ක්‍රීඩා කරලා මේ තරඟය ජයග්‍රහණය කරන එක තමයි බලාපොරොත්තුව. ”