ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ශතක ලාභීන් අතර සිව්වන තැනට. -
Video

ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ශතක ලාභීන් අතර සිව්වන තැනට.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්තානය අතර, ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට, සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 410ක් ලබාගෙන සිටියා.

අද දිනයේ කඩුලු නොමැතිව ලකුණු 80ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස නිශාන් මදුශ්ක ලකුණු 37කත්, කුසල් මෙන්ඩිස් ලකුණු 10කටත් හා, හිටපු නායක දිමුත් කරුණාරත්න ලකුණු ලකුණු 77ටත් දැවී යාමෙන් අනතුරුව, ඇන්ජලෝ මැතිව්ස් සමඟින් එක්වූ දිනේශ් චන්දිමාල් විශිෂ්ඨ සබඳතාවයක් ගොඩනැගීමට සමත්වුණා.

ඔවුන් දෙදෙනා එක්ව 4 වන කඩුල්ල සඳහා ලකුණු 232ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වූ අතර, එහිදී දිනේශ් චන්දිමාල් තම ටෙස්ට් දිවියේ 15 වන ශතකය හා, ඇන්ජලෝ මැතිව්ස් 16 වන ශතකය රැස්කර ගැනීමට සමත්වුණා.

ඇන්ජලෝ මැතිව්ස් අද දින ලබාගත් මෙම ශතකයත් සමඟින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක ලබාගෙන ඇති ක්‍රීඩකයින් ලැයිස්තුවේ 4 වන ස්ථානයට පත්වීමට සමත්වූයේ, Tm ඩිල්ශාන්, මාවන් අතපත්තු , දිමුත් කරුණාරත්න සමතැන ගනිමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ වැඩිම ශතක ලබාගෙන ඇති ක්‍රීඩකයින් අතර, ශතක 38ක් ලබාගනිමින් කුමාර් සංගක්කාර පලමු ස්ථානයේත්, ශතක 34ක් ලබාගනිමින් මහේල ජයවර්ධන දෙවන ස්ථානයේත්, ශතක 20ක් ලබාගනිමින් අරවින්ද ද සිල්වා 3 වන ස්ථානයේත් රැඳි සිටිනවා.

අද දිනයේ අවසන් පන්දුවාරය තෙක්ම ඇන්ජලෝ මැතිව්ස් ආරක්ෂාකාරී තම ඉනිම ගොඩනඟමින් සිටි නමුත්, දිනයේ අවසන් මොහොතේ පිටියෙන් ඉවතට ගිය පන්දුවකට පහරක් එල්ල කිරීමට ගිය අවස්ථාවේදී අවාසනාවන්ත ලෙස තම පිත්ත කඩුලු වල දැවටීම හේතුවෙන් Hit-wicket ආකාරයෙන් දැවීගියා.

ඒ වන විට ඔහු පන්දු 259කදී, හතරේ පහර 14ක් හා හයේ 3ක් සමඟින් ලකුණු 141ක් ලබාසිටියා.

ඇන්ජලෝ මැතිව්ස් දැවීගිය ආකාරය වීඩියෝ එක

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button