අර්ජුන සමඟ ක්‍රීඩා කරන විට, අනෙක් පිතිකරුවාට ලකුණක් ලබාගන්න හරිම අමාරුයි – බන්දුල -
News

අර්ජුන සමඟ ක්‍රීඩා කරන විට, අනෙක් පිතිකරුවාට ලකුණක් ලබාගන්න හරිම අමාරුයි – බන්දුල

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරඟයේ නිළ යූටියුබ් විකාශයේ විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කරන බන්දුල සමන් වතුරේගම මහතා හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග පිළිබඳව අදහස් පලකර සිටියා.

ඔහු පවසා සිටියේ පරිපාලකයෙකු ලෙසින් අර්ජුන රණතුංග මහතාගේ ඉතිහාසය ඉතාමත් කණ්ගාටුදයක බවයි. එලෙසම අර්ජුන සමඟ ක්‍රීඩාකරන විට අනික් ක්‍රීඩකයන්ට ලකුණක් ලබාගැනීම පවා ඉතාමත් අසීරු බව පවසා සිටියා.

බන්දුල සමන් වතුරේගම මහතා අර්ජුන පිළිබඳව දැක්වූ අදහස්

‘ මට මතක්වෙන්නෙ අර්ජුන රණතුංග සමඟ තරඟවදිද්දී එක ලකුණක් ලබාගන්නත් අනික් පිතිකරුවා පෙරුම්පුරන්න ඕනෙ. බොහොම අමාරුයි එක ලකුණකට පවා දිවයන්න තරබාරු ශරීරය නිසා. ඔහු ක්‍රීඩාවෙ ක්‍රීඩකයෙකු හැටියට සුවිශේෂී ක්‍රීඩකයෙක් නමුත් පරිපාලකයෙකු හැටියට ඔහුගේ ඉතිහාසය කණගාටු දායකයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button