ප්‍රභාත් ඇතුළු පන්දු යවන්නන් ඇෆ්ගනිස්තාන දෙවන ඉනිම ලකුණු 296කට සීමා කරයි. -
Video

ප්‍රභාත් ඇතුළු පන්දු යවන්නන් ඇෆ්ගනිස්තාන දෙවන ඉනිම ලකුණු 296කට සීමා කරයි.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි.(05) තරගය අද දිනයට ආරම්භ කරනවිට ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 199 කට එක් කඩුල්ලක් දැවීගොස් තිබුනා.

චාමික ගුණසේකර ආබාධ වීම හේතුවෙන් ඔහු වෙනුවට ආදේශ කල පන්දුයවන්නා වූයේ කසුන් රාජිතයි. නව පන්දුවට ලබාගැනීමෙන් අනතුරුව යවන ලද දෙවන පන්දුවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිසරදයක්ව සිටි දෙවන කඩුල්ලේ සබඳතාව බිඳ දැමීමට කසුන් රාජිත සමත්වුනා. ඒ රහම්ට් ෂාහ් ලකුණු 54 කට දවාගනිමින්.

ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට ඉතාමත් හොදින් පහර දෙමින් සිටි ඉබ්‍රහිම් සද්‍රාන් ලකුණු 114 කට දවාගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්වූවා. ඇෆ්ගනිස්තාන ඉනිම ඒ වන විට දැක්වුනේ 237/3 ක් ලෙසයි.

කෙසේ නමුත් දිවා ආහාරය පෙර ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා පන්දුයවන්නන්ත් ඇෆ්ගන් ඉනිමේ තවත් කඩුලු 4 ක් ඉතාමත් ඉක්මනින් බිඳ දැමීමට කටයුතු කලා. හෂ්මතුල්ලාහ් ෂහිඩි, කයිස් අහම්ඩ් හා සියා උර් රෙහ්මාන්ගෙ කඩුලු ප්‍රභාත් ජයසූරියටත් ඉක්‍රම් අලික්හිල්ගේ කඩුල්ල අසිත ප්‍රනාන්දුටත් බෙදී ගියා.

පන්දු රැකීමේදී නායක දනංජය ද සිල්වා අති විශිෂ්ට උඩ පන්දුවක් රැකගනු ලැබුවා. ඒ ප්‍රභාත් ජයසූරිය යොමු කල පන්දුවට කයිස් අහමඩ් ලබා දුන් උඩ පන්දුව විශිෂ්ට අයුරින් රැක ගනිමින්.

දිවා ආහරයෙන් අනතුරුව නැවත ක්‍රියාත්මක වූ ප්‍රභාත් ජයසූරිය නවීඩ් සද්‍රාන්ගේ කඩුල්ල දවාගනිමින් තම ටෙස්ට් දිවියේ 7 වන කඩුලු පහ අවස්ථාව සම්පූර්න කිරීමට සමත්වුනා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ අවසන් කඩුලු දෙක කසුන් රාජිත හා අසිත ප්‍රනාන්දු හමුවේ බෙදී ගියා. ඒ අනුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම දෙවෙනි ඉනිමට සියලු දෙනා දැවී රැස් කල ලකුණු සංඛ්‍යාව 296 ක්.

පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 107 කට කඩුළු 5 කුත් අසිත ප්‍රනාන්දු ලකුණු 63 කට කඩුළු 3 කුත් කසුන් රාජිත ලකුණු 59 කට කඩුළු 02 කුත් දවාගත්තා. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 56 ක්.

දනංජය ද සිල්වා රැකගත් විශිෂ්ට උඩපන්දුවේ වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button