ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්තානය ප්‍රභල එක්දින සංචිතයක් නම්කරයි. -
News

ශ්‍රී ලංකාවට එරෙහිව ඇෆ්ගනිස්තානය ප්‍රභල එක්දින සංචිතයක් නම්කරයි.

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා ඇෆ්ගනිස්තාන සංචිතය නම් කෙරුණා.

සුපුරුදු පරිදි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ නායකත්වය හශ්මතුල්ලාහ් ශහීඩිට හිමිව තිබෙන අතර උපනායකයා ලෙසින්‍ රහ්මට් ශා කටයුතු කරනවා. කොන්ද ආශ්‍රිතව සැත්කමකින් තවමත් සුවය ලබමින් සිටින සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක රශීඩ් ඛාන්ට මෙම තරඟාවලිය අහිමි වන අතර ඔහු වෙනුවට තවමත් එක් එක්දින තරඟයක් පමණක් ක්‍රීඩා කර ඇති කයිස් අහ්මඩ් සංචිතයට නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව නම්කළ ඇෆ්ගනිස්තාන සංචිතය මෙසේයි.

හශ්මතුල්ලාහ් ශහීඩි (C), රහ්මට් ශා (VC), රහ්මනුල්ලාහ් ගුර්බාස් (WC) , ඊබ්‍රහිම් සද්රාන්, රියාස් හසන්, ඉක්රම් අලිකිල් (WK), අස්මතුල්ලාහ් ඔමර්සායි, මොහොමඩ් නබී, ගුල්බඩීන් නයිබ්, කයිස් අහ්මඩ්, නූර් අහමස්, මූජිබ්-උර් රහ්මන්, ෆසීල් හක් ෆරූකි, නවීඩ් සද්රාන්, ෆරීඩ් අහ්මඩ්

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button