නිරෝශන් දික්වැල්ල දෙවෙනියට හොඳම ඉනිම වාර්තාකර ගනී. -
ILT2OLeague

නිරෝශන් දික්වැල්ල දෙවෙනියට හොඳම ඉනිම වාර්තාකර ගනී.

ILT20 තරඟාවලියේ 25 වන තරඟය ලෙස Abu dhabi Knight Riders හා Sharjah Warriors කණ්ඩායම අතර පැවතී තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබාගැනීමට, නිරෝශන් දික්වැල්ල ක්‍රීඩා කරන Sharjah Warriors කණ්ඩායම සමත්වුණා.

පලමු පන්දුවට පහර දුන් Abu dhabi Knight Riders කණ්ඩායම පන්දුවාර 17.1ක් අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 94ක් පමණයි.

අනතුරුව ලකුණු 95ක පහසු ඉලක්කයක් හඹාගිය Sharjah Warriors කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 13යි පන්දු 5කිනි.

දිගින් දිගටම අසාර්ථක වූ නිරෝශන් දික්වැල්ල මෙම තරඟයේ Sharjah Warriors ඉනිම වෙනුවෙන්, පන්දු 29කදී හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබාගැනීමට සමත්වුණා.

අද දින නිරෝශන් දික්වැල්ල ලබාගත් ලකුණු 30, මේ වන විට ILT20 තරඟාවලියේ ඔහු ඉනිම් 9කදී වාර්තාකළ දෙවැනියට වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

මීට පෙර, ඔහු Dubai Capitals කණ්ඩායම එරෙහිව පන්දු 30කදී ලකුණු 37ක් ලබාගැනීමට සමත්වුණා.

මේ වන විට ILT20 තරඟාවලියේ නිරෝශන් දික්වැල්ල, රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාවන්,

04(02) vs Gulf Giants || 07(03) vs Dubai Capitals || 22(13) vs MI Emirates || 05(06) vs Desert Vipers || 37(30) vs Dubai Capitals ||17(07) vs MI Emirates || 0 (01) vs Gulf Giants || 04 (04) vs Abhudhabi Knight Riders || 30 (29) Abu dhabi Knight Riders *TODAY

අද දින නිරෝශන් දික්වැල්ල එල්ල කළ හතරේ පහර දෙක හා හයේ පහර වීඩියෝව.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button