ඔපරේශන් එකක් නිසා ප්‍රේක්ෂකයින්ට අමතක වූ සුපිරි ආරම්භක පිතිකරුවා. -
Fan talk

ඔපරේශන් එකක් නිසා ප්‍රේක්ෂකයින්ට අමතක වූ සුපිරි ආරම්භක පිතිකරුවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයා ගැන, ක්‍රිකට් රසිකයෙක් ෆේස්බුක් තුළ පළ කර තිබූ සටහනක්,

“මේ දවස්වල ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයක අවිශ්ක ප්‍රනාන්දුගේ නම තිබුනොත් හැමෝම වගේ අහන දෙයක් තමයි, අවිශ්ක ප්‍රනාන්දුව මොකටද කණ්ඩායමට ගන්නේ කියලා.

මට නිශ්චිතවම කියන්න පුලුවන් එහෙම අහන අය ඔක්කොම රැල්ලට ක්‍රිකට් බලන අය මිසක්, ක්‍රිකට් දැනුමක් ඇති අය නෙමේ.

තවම අවුරුදු 26 ක් වන අවිශ්ක ප්‍රනාන්දු කියන්නේ එක්දින කණ්ඩායමේ අනිවාර්යයෙන්ම ඉන්න ඕන ආරම්භක පිතිකරුවෙක්. මෑත කාලයේදී පැතුම් නිස්සංකට අමතරව ශ්‍රී ලංකාව සොයාගත් තවත් හොඳම ආරම්භක පිතිකරුවෙක්.

අවිශ්ක ප්‍රනාන්දු ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත්තේ 2016 වසරේ. එහිදී අවිශ්ක එක් තරඟයක් පමණයි ක්‍රීඩා කරලා තිබුණේ. නැවතත් අවිශ්කව එක්දින කණ්ඩායමට කැඳවන්නේ 2019 වර්ෂයේ.

2019 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයටත් අවිශ්කව නම් කරපු වෙලාවේ ශ්‍රී ලංකාවේ රැල්ලට ක්‍රිකට් බලන උදවිය මැච් 5,6ක් ගහලා තියන අවිශ්කව ලෝක කුසලානයක් සෙල්ලම් කරන්න දාලා කියලා හිනා වුණා.

නමුත්, ඒ රැල්ලට ක්‍රිකට් බලන කට්ටියගේ කටවල් වැහෙන්නම ඒ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පලවෙනි ශතකය අවිශ්ක ප්‍රනාන්දු ලබාගත්තා. අවිශ්ක ඒ තරඟාවලියේ තරඟ 4ක් විතරක් සෙල්ලම් කරලා ලකුණු 203ක් ලබාගත්‍තා. ඒ තරඟ 4 ලකුණු සාමාන්‍ය 50.75ක්.

2019, ඒ ලෝක කුසලානයෙන් පස්සේ ලංකාව එක්දින තරඟාවලියක් ක්‍රීඩා කරන්නේ බංගලාදේශය සමඟ. එම තරඟාවලියේ තරඟ තුනේදී ඔහු ලකුණු 95ක් ලබාගන්නේ එක් ඉනිමකදී ලකුණු 82ක් ද සමඟින්. එම තරඟාවලියේ ඔහු ලබාගත් ලකුණු ( 6 , 82 , 7)

ඊට පස්සේ පකිස්තාන සමඟින් ක්‍රීඩා කරන එක්දින තරඟ දෙකේදී ඔහුට සාර්ථක වෙන්න බැරිවෙනවා.

ඊට පස්සේ ලංකාවට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්දින තරඟ 3ක තරඟාවලියකට ශ්‍රී ලංකාවට එනවා. එම තරඟාවලියේදී අවිශ්ක ඔහුගේ 2 වන ජාත්‍යන්තර එක්දින ශතකය ලබාගන්නත් පුළුවන් වෙනවා. ශතකයට අමතරව අර්ධ ශතකයක් ද සමඟින් අවිශ්ක ඒ තරඟ 3දී ඔහු ලකුණු 303ක් ලබාගන්නවා. ( 50, 127, 29)

ඊට පස්සේ ලංකාව ක්‍රීඩා කරන්නේ එංගලන්ත එක්ක එංගලන්තයේදී. ඒ තරඟාවලිය ගැන ඔයාලට හොඳට මතක ඇතිනේ. සම්පූර්ණ තරඟාවලියේම අපේ ක්‍රීඩකයින් හැමෝම වගේ ෆේල් වුණා. අවිශ්කත් තරඟ 2ක් ක්‍රීඩා කරලා ලකුණු ලබාගත්තේ ලකුණු 16ක් පමණයි.

ඊලඟ අවිශ්ක ප්‍රනාන්දු එක්දින තරඟාවලිය ක්‍රීඩා කරන්නේ ඉන්දියා කණ්ඩායම එක්ක. ඒ තරඟාවලියේදී අවිශ්ක අර්ධ ශතක 2ක් ලබාගන්නේ තරඟ 3ක් ක්‍රීඩා කරලා. (32 , 50, 76)

ඊලඟට අවිශ්ක ක්‍රීඩා කරන්නේ දකුණු අප්‍රිකාව එක්ක. ඒ තරඟාවලියේ පලමු තරඟයෙන්ම ශතකයක් ලබාගන්නවා. ඒ අවිශ්කගේ එක්දින පිටියේ 3 වෙනි ශතකය.

ඒ තරඟාවලිය ඉවරවෙන කොට අවිශ්ක තරඟ 26ක් ක්‍රීඩා කරලා ඉනිම් 26කදී ලකුණු 964ක් ලබාගෙන තිබුණේ, ලකුණු 37.08ක සාමාන්‍යයක් ද ඇතිව. ඒ ඉනිම් 26 ඇතුළත අවිශ්ක ශතක 3ක්, අර්ධ ශතක 5ක් ලබාගෙන තිබුණා.

ඊට පස්සේ අවිශ්කගේ කකුලේ ආබාධයක් නිසා ඔපරේශන් එකකට මුහුණදෙනවා.

ඒ ඔපරේශන් එකෙන් පස්සේ, අවුරුද්දයි මාස 4කට විතර පස්සේ අවිශ්ක ආයෙමත් එක්දින කණ්ඩායම එනවා. ඒ ඉන්දියාව එක්ක 2023 දී ක්‍රීඩා කළ තරඟාවලියේදී. එම තරඟාවලිය ඔහු අසාර්ථක වෙනවා.

නැවතත්, කණ්ඩායමෙන් ඉවතට ගිය අවිශ්ක අවුරුද්දකට පස්සේ, පසුගිය සිම්බාබ්වේ එක්ක ක්‍රීඩා කළ එක්දින තරඟාවලිය ක්‍රීඩා කළත්, එම තරඟාවලියත් අසාර්ථක වුණා.

අවිශ්ක ඔපරේශන් එක කලේ 2021 දී. ඒ වෙන කොට 37ක සාමාන්‍යක් තිබුන ආරම්භ පිතිකරුවෙක් වුන අවිශ්ක මේ විදිහට තරඟාවලි 2ක් ෆේල් වුණා කියලා කණ්ඩායමෙන් ඉවත්කරනවානම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන කියන්න දෙයක් නෑ. අවිශ්ක එපා කියලා කියන රැල්ලට ක්‍රිකට් බලන අය දන්නේ අවිශ්ක ඔපරේශන් එකෙන් පස්සේ ඇවිත් ක්‍රීඩා කළ එක්දින තරඟාවලි 2 විතරයි. ඊට කලින් අවිශ්ක පර්ෆෝම් කරපු ඒවා ඒ රැල්ලට මැච් බලන අය දන්නේ නෑ.

සමහරු අවුරුදු ගාණක් ක්‍රිකට් ගහලාත් ලබාගෙන තිබුණ ශතක ගණන අවිශ්ක ප්‍රනාන්දු ඉනිම් 24ක් වෙද්දී ලබාගත්තා.

තවමත් අවුරුදු 26ක් වන හොඳ අනාගතයක් තියන, දැනටත් එක්දින ලකුණු 31ක සාමාන්‍යයක් තියාගෙන ඉන්න අවිශ්කව, එක්දින කණ්ඩායමෙන් ඉවත් කරන්න ඕන ක්‍රීඩකයෙක් ද?” (ෆේස්බුක් එකේ රසිකයෙක් පළ කර තිබූ සටහනකි)

එක්දින තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button