තියුණු සටනකින් අනතුරුව ඕස්ටේලියාව අවසන් මහා තරඟයට. -
News

තියුණු සටනකින් අනතුරුව ඕස්ටේලියාව අවසන් මහා තරඟයට.

මෙවර 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය පාකිස්තානය සහ ඕස්ටේලියාව අතර පැවැත්වුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන් 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 48.5 කදී ලකුණු 179 කට සීමාකිරීමට ඕස්ටේලියා පන්දුයවන්නන් සමත්වුණා. එහිදී විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ Tom Straker ලකුණු 24 කට කඩුලු 6 ක් බිඳදැමුවා.

ලකුණු 180 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඕස්ටේලියා කණ්ඩායම ඉතා තියුණු තරඟයකින් අනතුරුව කඩුලු 09 ක් දැවීතිබියදී එම ඉලක්කය සපුරායමින් 2024 19න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ සිය ස්තානය වෙන්කරවා ගත්තා.

ඒ අනුව මෙවර 19 න් පහළ ලෝක කුසලානයේ අවසන් මහා තරඟය එළඹෙන 11 වන ඉරිදා ඉන්දීය කණ්ඩායම සහ ඕස්ටේලියාව අතර පැවැත්වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button