තුන්ඉරියව් ක්‍රීඩකයෙක්ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න මම මෝඩයෙක් වෙන්න ඕනේ – මෙන්ඩිස් -
Conference

තුන්ඉරියව් ක්‍රීඩකයෙක්ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න මම මෝඩයෙක් වෙන්න ඕනේ – මෙන්ඩිස්

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තරඟාවලියට පෙර මාද්‍යට හමුව මීට පැය කිහිපයකට පෙර පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩකයින් පිළිබඳව මාද්‍යවේදියෙකු ඇසූ පැණයකට දැඩිව උත්තර දීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් කටයුත් කළා.

මාද්‍යවේදියා – ” තුන්ඉරියව් ක්‍රීඩකයෙක් වුනාම ලකුණු 20 යි කඩුලු 2 යි නෙමෙයි එක තරඟයකදි ලකුණු 100 යි කඩුලු 05 යි. එතකොට ඔබ එක්දින තරඟයකදී තුන්ඉරියව් ක්‍රීඩකයන්ගෙන් මොක්ක්ද බලාපොරොත්තු වෙන්නෙ ? ”

කුසල් මෙන්ඩිස් – ” ඔයා කිව්ව එක මම පිළිගන්නෙ නෑ. මන් හිතන්නෑ කොහෙවත් ඕල්රවුන්ඩර් කෙනෙක් ලකුණු 100 ක් විකට් 05 ක් අරන් තියෙනවා කියලා එහෙම. ඉතින් එහෙම කරනවා කියන්නෙ බැට්ස්මන්ල ෆේල් වෙන්නත් ඕනේ බෝලර්ස්ල විකට් ගන්නැතුව ඉන්නත් ඕනෙ. ඉතින් එහෙම කරන්න අමාරුයි. ඕල්රවුන්ඩර් කෙනෙක්ගෙන් මන් බලාපොරොත්තු වෙන්නෙ ලකුණු 30 ක් 40 ක් ගන්න එකයි විකට් දෙකක් තුනක් උපරිම විකට් තුනක් ගන්න එකයි. එතනින් එහාට දෙයක් බලාපොරොත්තු වෙනවනම් කැප්ටන් විදිහට මන් මෝඩයෙක් වෙන්නෝනෙ. ඊටවඩා කරන්න පුලුවන්නම් එයාගෙ දක්ශතාවය. මන් බලාපොරොත්තු වෙන දේ එ දේ. ”

මීට අමතරව අවිශ්ක ප්‍රනාන්දුට නැවත කණ්ඩායමේ අවස්තාව ලබාදීම පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කුසල් මෙන්ඩිස් පවසා සිටියේ එක් තරඟාවලියක් අසාර්ථක වූ පමණින් කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකි බවත් අවිශ්කට තවත් අවසතා කිහිපයක් ලබ දෙන බවත් ය.

එක්දින තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙතනින් බලන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button