ශ්‍රී ලංකා එක්දින සංචිතය නිළ වශයෙන් නම් කරයි. -
News

ශ්‍රී ලංකා එක්දින සංචිතය නිළ වශයෙන් නම් කරයි.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය ශ්‍රී ලංකා සචිතය නම් කර තිබෙනවා.

සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙක් ඇතුළත් වන අතර, නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවී තිබෙනවා. මේ අතර, මෙම සංචිතය සඳහා, පහුගිය සංචිතයේ සිටි ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඉවත්කර, වෙනත් ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ඇතුළත් කර තිබෙනවා.

ඒ අතර, හිටපු නායක දසුන් ශානක මෙවර එක්දින සංචිතයෙන් ඉවත් කරමින්, ඒ වෙනුවට තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇතුළත් කර තිබෙනවා. ඊට අමතරව යොවුන් ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දු ද මෙම සංචිතයෙන් ඉවත්කර තිබෙනවා.

තවද, දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ආබාධයක් හේතුවෙන් තරඟාවලිය අහිමී ඇති අතර, අසනීප තත්වයක් හේතුවෙන් පසුගිය තරඟාවලිය අහිමිවූ පැතුම් නිස්සංක ද සංචිතයට ඇතුළත් වී තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සමඟින් පැවතී තරඟ තුනේදීම අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු හට තවත් අවස්ථාවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව, නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක) , චරිත් අසලංක (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු , පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, ශෙවෝන් ඩැනියල්, ජනිත් ලියනගේ, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීශ් තීක්ශන, දුනිත් වෙල්ලාලගේ, අකිල ධනංජය, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මධුසංක, ප්‍රමෝද් මදුශාන්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button