කලකට පසු අවිශ්කගෙන් සුපිරි ඉනිමක් -
News

කලකට පසු අවිශ්කගෙන් සුපිරි ඉනිමක්

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන පළමු එක්දින තරගය අද(09) පල්ලෙකැලේ පිටියේදී ආරම්භ වුනා. කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගන් නායක හෂ්මතුල්ලාහ් ෂහිඩි ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කලා.

ඒ අනුව පිටියට පිවිසියේ අවිශ්ක ප්‍රනාන්දු සමගින් පැතුම් නිස්සංක. කෙසේ නමුත් අවිශ්ක ප්‍රනාන්දු තම අවසන් ඉනිම් 08 ටම රැස් කර තිබුනේ ලකුණු 48 ක් පමණයි. අසාර්ථක ඉනිම් අටකට පසුව නැවතත් ලකුණු අතරට පිවිසීමට අද ඔහුට හැකිවුනා. ඒ ඔහු පන්දු 88 කින් විශිෂ්ට ලකුණු 88 ක් රැස් කරගනිමින්. ඔහුගේ ඉනිමට හයේ පහරවල් තුනක් සහ හතරේ පහරවල් 8 ක් ඇතුලත් වුනා. තවද මෙම තරගය තුලදී ඔහු එක්දින ලකුණු 1000 සීමාවද පසු කලා.

පැතුම් නිස්සංක සමග එක්ව ඔහු පළමු කඩුල්ලට ලකුණු 182 ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගුවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button