පැතුම් නිස්සංක විසින්, සනත් ජයසූරියගේ වාර්තාව බිඳ දැමූ අවස්ථාව. -
Records

පැතුම් නිස්සංක විසින්, සනත් ජයසූරියගේ වාර්තාව බිඳ දැමූ අවස්ථාව.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟය 3කින් සමන්විත එක්දින තරඟාවලියේ පලමු තරඟයෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වාර්තා රැසක් බිඳ දැමූමා.

පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකාව කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 381ක් වාර්තාකර ගැනීමට සමත්වූ අතර , විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක නොදැවී ලකුණු 210ක් රැස්කර ගැනීමට සමත්වුණා. එ පන්දු 139කින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 20ක් හා දැවැන්ත හයේ පහරවල් 8ක් ඇතුළත් වුණා.

පැතුම් නිස්සංක අද ලබාගත් ද්විත්ව ශතකය, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිටියේ ක්‍රීඩකයෙක් ලබාගත් පලමු ද්විත්ව ශතකයයි. මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමකදී වැඩිම ලකුණු වාර්තා කරගෙන තිබුණේ සනත් ජයසූරිය විසිනි.

සනත් ජයසූරිය මීට පෙර එක් ඉනිමකදී ලකුණු 189ක් වාර්තා කර තිබුණු අතර, අද තරඟයේදී පැතුම් නිස්සංක එම වාර්තාව බිඳ දමන මොහොතේ සනත් ජයසූරිය පැතුම් නිස්සංකට අත්පොලසන් දී සුබ පැතුම් එක් කර අතර, ඔහුගේ දෑස් වන කඳුලු දැකගන්නට තිබුණා.

සනත් ජයසූරියගේ ඇස් වල කඳුලු (වීඩියෝ එක මෙන්න)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button