වසර 24 ක වාර්තාව බිඳ දමමින් පැතුම් නිස්සංක ලංකාව වෙනුවෙන් ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කරයි. -
News

වසර 24 ක වාර්තාව බිඳ දමමින් පැතුම් නිස්සංක ලංකාව වෙනුවෙන් ප්‍රථම ද්විත්ව ශතකය වාර්තා කරයි.

ඇෆ්ගනිස්තාන හා ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේදී අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකිරීමට පැතුම් නිස්සංක සමත්වුනා. ඔහු පන්දු 139 කදී වේගවත් ලකුණු 210 ක් නොදැවී රැස් කලා. ඔහුගේ මෙම සුපිරි ඉනිමට හයේ පහරවල් 08 ක් සහ හතරේ පහරවල් 20 ක් ඇතුලත් වුනා.

ඔහු අද රැස්කල ද්විත්ව ශතකය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රැස් කල පළමු එක්දින ද්විත්ව ශතකයයි. එසේම ඔහු වසර 24 ක වාර්තාවක්ද බිඳ දැමිමට සමත්වුනා. ඒ ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින පිටියේදී රැස්කල ඉහලම ලකුණු සංඛ්‍යාවේ වර්තාව තමන් සතු කරගනිමින්. මීට පෙර එම වාර්තාවේ හිමිකරුවා වූයේ සුපිරි පිතිකරු සනත් ජයසූරියයි. ඔහු 2000 වසරේදී ඉන්දියාවට එරෙහිව සාජා පිටියේදී ලකුණු 189 ක් රැස් කර තිබුනා.

පැතුම්ගේ මෙම ඉනිම ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ 5 වන ඉහලම ඉනිම හා තෙවෙන වේගවත්ම එක්දින ද්විත්ව ශතකය ලෙසත් වාර්තා පොත් අතරට එක්වුනා.

පැතුම් නිස්සංකගේ විශිෂ්ඨ ඉනිම වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button