නුවනිඳු ප්‍රනාන්දුට නායකත්වයේ වගකීමක්. -
News

නුවනිඳු ප්‍රනාන්දුට නායකත්වයේ වගකීමක්.

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා Development XI කණ්ඩායම සමඟින් දීර්ඝ විස්සයි විස්ස තරඟාවලියක් සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, මෙම තරඟාවලිය සඳහා විස්සයි විස්ස තරඟ 7ක් ඇතුලත් වෙනවා. තරඟාවලිය පෙබරවාරි මස 12 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟාවලිය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා Development XI කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක නුවනිඳු ප්‍රනාන්දු හට ලැබී තිබෙනවා.

නමුත්, දිගින් දිගටම ජාත්‍යන්තර කණ්ඩායමේ අසාදාරණයට ලක්වූ නුවනිඳු ප්‍රනාන්දු, මෙවර ඇෆ්ගනිස්තානය සමඟින් පැවැත්වෙන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත් කර තිබුණේ ආබාධයක් හේතුවෙන් බව ක්‍රිකට් ආයතනය මඟින් දැනුම් දී තිබුණා.

නුවනිඳු ප්‍රනාන්දු, 2023 වර්ෂයේ ඉන්දියාවට එරෙහිව ජාත්‍යන්තර එක්දින වරම්, දිනාගත් අතර, තම මංගල තරඟයේදීම අර්ධ ශතකයක් වාර්තාකර ගැනීමට ද ඔහු සමත්වුණා. ඉන් අනතුරුව තරඟ 3කදී අසාර්ථක වූ ඔහුට නැවතත් ජාත්‍යන්තර එක්දින පිටියේ අවස්ථාවක් හිමිවුණේ නෑ.

පැතුම් නිස්සංකගේ විශිෂ්ඨ ඉනිමේ (210*) හතරේ පහර 20 හා හයේ පහර 8 වීඩියෝ එක මෙතනින් බලන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button