පැතුම්ගේ ද්විත්ව ශතකයට, ලොව වටෙන්ම උණුසුම් සුබ පැතුම්. -
News

පැතුම්ගේ ද්විත්ව ශතකයට, ලොව වටෙන්ම උණුසුම් සුබ පැතුම්.

ඇෆ්ගනිස්තානය සමඟින් තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලියේ පලමු තරඟය ඊයේ (9) පැවැත්වුණ අතර, එම තරඟය ප්‍රේක්ෂකයින්ට අමතක නොවන තරඟයක් බවට පත්වූයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ වාර්තාගත ඉනිම හේතුවෙනි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරඟයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පලමු ක්‍රීඩකයා බවට පත්වීමට පැතුම් නිස්සංක සමත්වූයේ, මීට පෙර කුමාර සංගක්කාර, මහේල ජයවර්ධන, සනත් ජයසූරිය, තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග වැනි විශිෂ්ඨ ක්‍රීඩකයින්ටවත් සිදුකිරීමට නොහැකි වූ නිසාවෙනි.

පැතුම්ගේ මෙම ඉනිමට පෙර, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින පිටියේ ඉනිමක වැඩිම ලකුණු ලාභියා වූ සනත් ජයසූරිය ලකුණු 189ක් වාර්තාකර තිබුණ අතර, අද දින ඔහුගේ එම වසර 24ක් පැරණි වාර්තාව බිඳ වැටුනු පසු ඔහු සඳහන් කර තිබුනේ, වසර 24කට පසු මගේ වාර්තාව බිඳ වැටීම දැකගැනීමට හැකියාව ලැබීම ගැන සතුටු වන බවයි.

සනත් ජයසූරිය – “I’m happy for Pathum and glad I was able to witness my record being broken after 24 years. He was positive from ball one, dominated the bowling, took calculated risks. This is what I want to see – fearless cricket. Play Sri Lankan brand of aggressive cricket.’ Sanath Jayasuriya.”

ඊට අමතරව ඔහු තම twitter ගිණුමේ මෙලෙස සඳහන් අර තිබුණා.

පැතුම් නිස්සංක ලබාගත් මෙම ද්විත්ව ශතකය වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව වටා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සුබ පැතුම් එක් කර තිබුණා. එයින් කිහිපයක් පහතින්,

ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාර,

මහේල ජයවර්ධන

රසල් ආනෝල්ඩ්

ඉන්දීය ක්‍රීඩක ශිකර් දවාන්

හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න

ලසිත් මාලිංග

තේරීම් කමිටු සභාපති උපුල් තරංග

ඇන්ජලෝ මැතිව්ස්

හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් වන නාමල් රාජපක්ෂ

Samuel Badree

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button