ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර T20 පිටියේ 5වන ශතකය රැස්කරගනී. -
Video

ග්ලේන් මැක්ස්වෙල් ජාත්‍යන්තර T20 පිටියේ 5වන ශතකය රැස්කරගනී.

ඔස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද ඇඩිලෙයිඩ් ඕවල් පිටියේදී පැවැත්වුනා. කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක රොමන් පවල් පලමුව පන්දුවට පහර දීමට ඕස්ට්‍රේලියාවට ආරාධනා කලා. ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4 කට ලකුණු 241 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මානය කලා.

සුපිරි ඉනිමක් ක්‍රීඩාකල ග්ලේන් මැක්ස්වෙල් පන්දු 55 කදී නොදැවී ලකුණු 120 ක් රැස් කලේ හයේ පහරවල් 8 ක් සහ හතරේ පහරවල් 12 ක් එල්ල කලා. මෙම තරගයේදී ඔහු මීටර් 109 ක දැවැන්ත හයේ පහරක් ද එල්ල කලා.

ග්ලේන් මැක්ස්වෙල් අද රැස් කලේ තම 5 වන විස්සයි විස්ස ජාත්‍යන්තර ශතකයයි. මේ ශතකයත් සමග විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ වැඩිම ශතක වාර්තාව සම කිරීමට ද ඔහු සමත්වුනා. ඔහුට මේ සඳහා වැය වූයේ ඉනිම් 94 ක් පමණයි.

ඔහු සමග සමතැන් ගෙන සිටින්නෙ රෝහිත් ශර්මායි. ඔහු ඉනිම් 143 ක් තුල ශතක 5 ක් රැස් කරගෙන සිටිනවා. සූර්යකුමාර් යාදව් ද ඉනිම් 57 ක් තුල ශතක 4 ක් රැස් කරගනිමින් මොවුන් දෙදෙනා ආසන්නයේම සිටිනවා.

මීටර් 109 දැවැන්ත හයේ පහර වීඩියෝ එක,

මැක්ස්වෙල්ගේ විශිෂ්ඨ ඉනිම මෙන්න,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button