මෙන්ඩිස්ගේ විශිෂ්ඨ උඩපන්දු රැකීම හමුවේ, අසිත ප්‍රනාන්දුට පලමු පන්දුවෙන්ම කඩුල්ලක්. -
Video

මෙන්ඩිස්ගේ විශිෂ්ඨ උඩපන්දු රැකීම හමුවේ, අසිත ප්‍රනාන්දුට පලමු පන්දුවෙන්ම කඩුල්ලක්.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද පල්ලෙකැලේ පිටියේදි ආරම්භ වූවා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසාන වන විට කඩුලු 6 කට ලකුණු 308 ක් රැස් කලා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල චරිත් අසලංක නොදැවී ලකුණු 97 ක් රැස් කලා. පන්දු 74 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 9 ක් ඇතුලත් වුනා. ඔහුට අමතරව කුසල් මෙන්ඩිස් , සදීර සමරවික්‍රම හා ජනිත් ලියනගේද අර්ධ ශතක වාර්තා කලා.

දුෂ්මන්ත චමීර ආබාධයකට ලක්වීම හේතුවෙන් කණ්ඩායමට පැමිනි අසිත ප්‍රනාන්දු තමන් යොමු කල පලමු පන්දුවෙන්ම රමනුල්ලාහ් ගුර්බාස්ව දවාගැනීමට සමත්වුනා. ඒ නායක කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හමුවේයි.

කුසල් මෙන්ඩිස් රැකගත් විශිෂ්ට උඩපන්දුව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button