කැන්ගරුවන්ට තවත් ලෝක කුසලානයක්. පිට පිට 3වන වරටත් ඉන්දියාවට පරාජයේ කදුළු -
News

කැන්ගරුවන්ට තවත් ලෝක කුසලානයක්. පිට පිට 3වන වරටත් ඉන්දියාවට පරාජයේ කදුළු

මෙවර 19 න් පහළ ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය ඉන්දියාව සහ ඕස්ටේලියාව අතර පැවැත්වුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේලියා 19 න් පහළ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 253 ක් රැස්කළා. ඕස්ටේලියාව වෙනුවෙන් Harjas singh අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වුණා.

ලකුණු 254 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඉන්දීය 19 න් පහළ කණ්ඩායම ලකුණු 174 කට සීමාකරමින් 2024 19 න් පහළ ලෝක කුසලානයේ ශූරතාවය හිමිකරගැනීමට ඕස්ටේලියා යොවුන් කණ්ඩායම සමත්වුණා
ඕස්ටේලියා කණ්ඩායම මෙවර හිමිකරගත්තේ ඔවුන්ගේ සිව්වන 19 න් පහළ ලෝක කුසලානයයි.

අවසාන වතාවට පැවැති අයි.සී.සී ලෝක කුසලාන තරඟාවලිවල ත්‍රිත්වයේම අවසන් මහා තරඟයට ඉන්දියාව සහ ඕස්ටේලියාව සුදුසුකම ලැබුවත් ඒ අවස්තා තුනේදීම ශූරතාවය හිමිකරගැනීමට සමත්වුනේ ඕස්ටේලියාවයි. ( 𝗜𝗖𝗖 𝗧𝗲𝘀𝘁 𝗖𝗵𝗮𝗺𝗽𝗶𝗼𝗻𝘀𝗵𝗶𝗽 𝟮𝟬𝟮𝟯 , 𝗜𝗖𝗖 𝗠𝗲𝗻𝘀 𝗖𝗿𝗶𝗰𝗸𝗲𝘁 𝗪𝗼𝗿𝗹𝗱 𝗖𝘂𝗽 𝟮𝟬𝟮𝟯 , 𝗜𝗖𝗖 𝗨𝟭𝟵 𝗪𝗼𝗿𝗹𝗱 𝗖𝘂𝗽 𝟮𝟬𝟮𝟰 )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button