තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී, ඕස්ට්‍රේලියාව තරඟාවලියේ ජය වාර්තාකර ගනී. -
Video

තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී, ඕස්ට්‍රේලියාව තරඟාවලියේ ජය වාර්තාකර ගනී.

ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් අතර තරඟ 3කින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය ඊයේ (11) පැවැත්වුණ අතර, එහිදී ලකුණු 34ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත්වුණා.

තරඟයේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පලමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 241ක් ලබාගැනීමට සමතවුණා.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල් තම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ 5 වන ශතකය වර්තාකරමින් පන්දු 55කදී හතරේ පහර 12ක් හා හයේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 120ක් ලබාගැනීමට සමත්වුණා.

අනතුරුව 242ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 207 ක් පමණයි.

මෙම තරඟයේදී 18 පන්දුවාරයේදී විශේෂ දෙයක් සිදුවුණා. ඕස්ට්‍රේලියා ක්‍රීඩක Spencer Johnson යොමුකළ පන්දුවකට මුහුණදුන් Alzarri Joseph ලකුණක් සඳහා දිවගිය අවස්ථාවේදී, දුවද්දී දැවී යාමකට හසුවූ නමුත්, විනිසුරු කිසිම ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ඔහුට නොදැවුනු ක්‍රීඩකයෙක් වූ බැවින් නැවතත් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවුණා.

එම වීඩියෝ එක මෙන්න.

මෙම තරඟයේ ග්ලේන් මැක්ස්වෙල්ගේ විශිෂ්ඨ ශතකය (120*) වීඩියෝ එක මෙන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button