උගණ්ඩාවෙන් කරට කර සටනක්. ශ්‍රී ලංකාව තරඟාවලියේ පෙරමුණට. -
Domestic

උගණ්ඩාවෙන් කරට කර සටනක්. ශ්‍රී ලංකාව තරඟාවලියේ පෙරමුණට.

සංචාරක උගණ්ඩා කණ්ඩායම සහ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම අතර පැවෙත්වන තරඟ 7 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟය අද පැවැත්වුණා. එහීදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 169 ක් රැස්කළා.

එහීදී ක්‍රිශාන් සංජුල ලකුණු 42 ක් වාර්තා කළ අතර මල්ශ තරුපති නොදැවී ලකුණු 37 ක් වාර්තා කළා.

ලකුණු 170 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි උගණ්ඩා කණ්ඩායම, ශ්‍රී ලංකාව කරට කර සටනක් දෙමින් ජයග්‍රාහී ඉලක්කය අසළටම පැමිණිත් ඔවුන්ට ජයග්‍රහණය ලකුණු 04 කින් මඟහැරී ගියා. උගණ්ඩා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 155 ක් රැස්කළ අතර ඒ අනුව ලකුණු 04 ක තියුණු ජයක් වාර්තාකළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 2-0 ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට සමත්වුණා.

දසුන් ශානක නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට.. සම්පූර්ණ විස්තරය කියවන්න (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button