රසල්ගෙන් වේගවත් ඉනිමක්. පන්දු 29කින් ලකුණු 71ක්. -
Video

රසල්ගෙන් වේගවත් ඉනිමක්. පන්දු 29කින් ලකුණු 71ක්.

බටහිර ඉන්දීය කොදෙව් හා ඕස්ට්‍රේලියාව තෙවන විස්සයි විස්ස තරගය අද ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී ආරම්භ වුනා. කාසියේ වාසිය දිනාගත් කොදෙව් නායක රොව්මන් පවල් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කරනු ලැබුවා. කෙසේ වෙතත් කොදෙව් පිලේ ආරම්භය නම් එතරම් සුබදායක වූයේ නෑ. ඒ කොදෙව් මුල් කඩුලු 3 ලකුණු 17 ක් තුල බිඳ හෙලන්නට ඕස්ට්‍රේලියානු පන්දුවයන්නත් සමත්වූ නිසායි.

කෙසේ නමුත් රොන්ස්ටන් චේස් සමග එක්වූ නායක රොමන් පවල් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 55 ක සබදතාවයක් එක් කලා.එම සබදතාවද බිද වැටුනේ රොන්ස්ටන් චේස් ලකුණු 37 කට ඇඩම් සම්පා හමුවේ දැවී යාමෙන්. රොව්මාන් පවල්ද ලකුණු 21 කට යාමෙන් කොදෙව් ඉනිම ලකුණු 79 කට කඩුලු 5 ක් ලෙස දැක්වුනා.

ඉන් අනතුරුව පිටියට පැමිනි ඇන්ඩෘ රසල් හා ෂර්ෆේන් රදර්ෆර්ඩ් කොදෙව් ඉනිම ඉතාමත් හොද ලකුණු පුවරුවක් කරා රැගෙන ගියා. ඔවුන් දෙදෙනා එක්ව 6 වන කඩුල්ලට ලකුණු 139 ක විශිෂ්ට සබඳතාවක් පැවැත්වූවා. තරගයේ 19 වන පන්දුවාරයේදී ඇන්ඩෘ රසල් විසින් ඇඩම් සම්පාගේ ඕවරයට ලකුණු 28 ක් රැස් කිරීම විශේෂයෙන් කැපී පෙනුනා.

රසල්ගේ වේගවත් ඉනිමට තිත තබන්නට නවක ක්‍රීඩක ස්පෙන්සර් ජොන්සන් සමත්වුනා. රසල් ඒ වන විට පන්දු 29 කදී හයේ පහරවල් 7 ක් සහ හතරේ පහරවල් 4 ක් සමගින් වේගවත් ලකුණු 71 ක් රැස් කොට තිබුනා. ඉනිම ශක්තිමත් කල ෂර්ෆේන් රදර්ෆර්ඩ් පන්දු 40 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5ක් සමගින් නොදැවී ලකුණු 67 ක් රැස් කලා.

පන්දුවාර 20 අවසානයේදී කොදෙව් ඉනිම දැක්වුනේ කඩුලු 6 කට ලකුණු 220 ක් ලෙසිනි. ඇඩම් සම්පා අද දැඩි ප්‍රහාරයකට ලක්වුවා. ඔහුගේ පන්දුවාර 4 කට ලකුණු 65 ක් රැස් කිරීමට කොදෙව් පිතිකරුවන් සමත්වුනා.

19 වන පන්දුවාරයේදී ඇඩම් සැම්පාගේ පන්දුවාරයට රසල් ලබාගත් ලකුණු 28 වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button