මෙන්ඩිස් ලබාගත්ත ලකුණු 61 නැත්නම් අපි තරඟයේ පස්සට යනවා. -
Fan talk

මෙන්ඩිස් ලබාගත්ත ලකුණු 61 නැත්නම් අපි තරඟයේ පස්සට යනවා.

දෙවන එක්දින තරඟයෙන් අනතුරුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයෙක් විසින්, ෆේස්බුක් තුළ තැබූ සටහනක්, “දෙවෙනි තරගයේදී කුසල් මෙන්ඩිස් ලකුණු 36කට මුල් කඩුලු දෙකම බිද වැටිල තිබුන මොහොතක ඒ ප්‍රෙෂර් එක ලස්සනට හැඩ්ල් කරලා සදීර එක්ක අනර්ඝ ශතක සබඳතාවයක් ගොඩ නගනවා. ඒ පාට්නර්ශිප් එකට සදීරට වගේම කුසල්ටත් ස්තූති කරන්න ඕනි. ඒ පාට්නර්ශිප් එක නැත්තම් තරගයේ අපි තවත් පස්සට යනවා.

හැබැයි අපරික්ෂාරී ලෙස කුසල් ලකුණු 61ක් ලබා තිබියදී සදීරගේ කඩුල්ලත් වැටුනු විගසම කුසල් මෙන්ඩිස් ද දැවි යනවා. ඒ ඉනිම අර්ධ ශතකයකින් සීමා නොකර ශතකයක් කරා අරගෙන ගියා නම් ඒ ඉනිමේ වටිනාකම කියලා නිම කරන්න බැ.. කොහොම වුනත් හාෆ් චාන්ස් දීලා හරි ඒ අර්ධ ශතක ඉනිම ඒ වෙලාවේ ගහපු එක වටිනවා.

ඒක නෙමෙයි කතාව මේ ඉනිමෙන් පස්සේ පේස්බුක් මල් යායේ හරි අපූරු දේවල් ටිකක් වෙනවා. ඒ මේ වෙද්දි එක්දින ඉනිම් 123ක් ගහලා ඉන්න කුසල් මෙන්ඩිස් එක්ක සංගා ඉනිම් 123කදි ගහලා තියෙන්නේ මෙච්චරයි ඇවරේජ් මෙච්චරයි අරවින්ද ගහලා තියෙන්නේ මෙච්චරයි මහේල ගහලා තියෙන්නේ මෙච්චරයි ගගා හරි අමුතු සංසන්දනයක්…!

සංගලා මහේලලා ගහන්න පටන් ගත්තු අරවින්දලා මුළු carrer එක පුරාම ගහපු කාලේ ක්‍රිකට් එකයි 2010න් පස්සේ ආපු modern cricket එකේ බිහිවුණු Batsman කෙනෙකුයි සංසන්දනය කරන එක ඇත්තටම තේරුමක් නැති වැඩක්…

මහේලලා සංගලා අරවින්දලා ගහපු ක්‍රිකට් එකත් එක්ක ඒ අය හොද තැනක හිටියා. මහේලගේ ODI ඇවරේජ් සංගලා තරම් නැති වුනත් ටීම් එක අමාරුවෙ වැටෙන්නේ කොතැනද මහේල නායකයා විදිහට ඒ වෙලාවෙදි අත උස්සලා ටීම් එක වෙනුවෙන් ගැහුවා. බිග් මැච් වල මහේල තරම් ගහපු කෙනෙක් ඉන්නවා නම් ඒ අරවින්ද විතරයි.

හැබැයි ඒ කාලේ ක්‍රිකට් එකයි අද ක්‍රිකට් එකයි සෑහෙන වෙනස්.. එදා පන්දු යවන්නන්ට වාසිසහගත වුනු ක්‍රිකට් නීති රීති පවා අද පිතිකරුවන්ට වාසිදායක වෙන විදිහට වෙනස් වෙලා… මේ අලුත් ක්‍රිකට් එකත් එක්ක ක්‍රිකට් වේගයෙන් දියුණු වෙන්න ගත්තා. පිතිකරුවන්ගේ ලකුණු පාරාදීසයක් බවට පත් වුනා.

ඉතිං එහෙනම් කුසල් මෙන්ඩිස් නම් පිතිකරුවා සංසන්දනය කරනවා නම් සංසන්දනය කරන්න ඕනි වර්තමානයේ ක්‍රීඩා කරන ලෝකේ අංක තුන පිතිකරුවන් එක්ක,

ඔන්න ඔහොම බලපු Stats එකක් ලගදි Cric Vidu පෙන්නලා දුන්නා. ඒක ආයෙමත් මේ ලිපියෙන් මතක් කරන්න හිතුවා.

මේ පහලින් තියෙන්නේ කුසල් මෙන්ඩිස් ODI ඩෙබියු වුනු දවසේ ඉදන් ලෝකේ අංක තුන පිතිකරුවන් ලබාගෙන ඇති ලකුණු සහ පිතිකරන සාමාන්‍යයයන්…

01) විරට් කෝලි – ලකුණු 6604 – සාමාන්‍යය 71.78
02) බාබර් අසාම් – ලකුණු 5188 – සාමාන්‍යය 60.32
03) ස්ටීව් ස්මිත් – ලකුණු 2733 – සාමාන්‍යය 51.56
04) කේන් විලියම්සන් – ලකුණු 3144 – සාමාන්‍යය 50.70
05) ජෝ රූට් – ලකුණු 3490 – සාමාන්‍යය 49.85
06) ඇන්ඩෘ බැල්බර්නි – ලකුණු 2053 – සාමාන්‍යය
37.32
07) රහ්මට් ෂාහ් – ලකුණු 3105 – සාමාන්‍යය 36.52
08) කුසල් මෙන්ඩිස් – ලකුණු 2430 – සාමාන්‍යය 34.22

මෙතන දකුණු අප්‍රිකාව නැත්තේ දකුණු අප්‍රිකාවට කාලයක් තිස්සේ ස්ථාවර අංක තුන පිතිකරුවෙක් හොයා ගන්න බැරි වුනා. හැබැයි දැන් වෙද්දි Van der Dussen අංක තුන පිතිකරුවෙක් ලෙස ඉතාම හොදින් සාර්ථක වෙලා තියෙනවා.

මේ ලිස්ට් එකේ අන්තිම තැන ඉන්නේ මෙන්ඩිස්..!
මේ ලිස්ට් එකේ ටොප් රටවල් 5 බැලුවොත් එයාලගේ අංක තුන ක්‍රීඩා කරන පිතිකරුවා 40+ ඇවරේජ් එකක් තියාගෙන ගිහින් තියෙනවා. ඒත් තාම කුසල් මෙන්ඩිස්ට ලෝක මට්ටමේ නොම්බර තුන පිතිකරුවන් එක්ක තරගකාරී මට්ටමට එන්න අසමත් වෙලා තියෙනවා. ශතක අරන් බැලුවත් මේ ලිස්ට් එකේ අන්තිම තැන තියෙන්නේ මෙන්ඩිස්ට. කුසල් මෙන්ඩිස්ට තරම් අවස්ථාව ලැබුනු කෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් වල තවත් නැතුව ඇති. ඒත් ඒ අවස්ථා වලට සාධාරණයක් කරාද කියලා ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා.

කුසල් කියන්නේ දක්ෂ පිතිකරුවෙක්. අන්න ඒ නිසාමයි අපේ ලෙජන්ඩ්ලා කුසල් ගැන ලොකු තක්සේරු දෙන්නේ. ඒත් කුසල් මෙන්ඩිස් තාමත් තමන්ගේ දක්ෂතාවයට සාධාරණ performance එකක් ස්ථාවරව පෙන්නලා නැ…

දැන් කුසල් පෙර තරගයේ අර්ධ ශතකයක් ලබා ගත්තා. මීලඟ තරගයේදී කුසල් මෙන්ඩිස් බලන්න ඕනි කොහොමද මේ තරගයෙත් ඒ වගේම සාර්ථක වෙන්නේ කියලා.මොකද අපි දන්න කුසල් මෙන්ඩිස් කන්සිස්ටන්සියක් තියගෙන ලකුණු ගහන කෙනෙක් නෙමෙයි. ඉතිං අංක තුන පිතිකරුවෙක් විදිහට සහ නායකයා විදිහට කන්ඩායමේ වැදගත්ම පිතිකරන ස්ථානයක් මේ විදිහට නාස්ති කරන එකට මිනිස්සු බනින එක සාධාරණයි !!!

ඉතිං අරවින්ද ගහපු විදිහවත් සංගා ගහපු විදිහවත් නෙමෙයි කුසල් මෙන්ඩිස් දැන්වත් හරි momentum එකට ඇවිත් modern cricket area එකේ නොම්බර තුන පිතිකරුවෙක් විදිහට තමන්ගෙන් රටට බලාපොරොත්තු වෙන දේ හරියට කරන්න පුළුවන් වුනොත් ඒක කන්ඩායමටත් කුසල් මෙන්ඩිස්ගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි කාලයටත් හොද දෙයක් වේවී…!!!

සටහන – Rishie Bro

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button