ශ්‍රී ලංකාවට පූර්ණ තරඟාවලි ජයක්. -
Video

ශ්‍රී ලංකාවට පූර්ණ තරඟාවලි ජයක්.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන තෙවන එක්දින තරගය අද (14) පල්ලෙකැලේ පිටියේදී පැවැත්වුනා. කාසියේ වාසිය දිනාගෙන පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2ක දී සියලු දෙනා දැවී ලකුණු 266 ක් රැස් කිරීමට සමත්වූවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා කණ්ඩායම් පන්දුවාර 35 යි පන්දු 2 ක් තුලදී කඩුලු 3 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පහසුවෙන් පසුකර ගියා. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 3-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම් ජයගනු ලැබුවා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 66 කදී හයේ පහරවල් 5 ක් සහ හතරේ පහරවල් 10 ක් සමගින් වේගවත් ලකුණු 91 ක් රැස් කලා. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 40යි. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 4 ක් ඇතුලත් වුන. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල පැතුම් නිස්සංක තරගාවලියේ තම දෙවන ශතකය වාර්තා කරමින් පන්දු 101 කදී ලකුණු 117 ක් රැස් කරනු ලැබුවේ හයේ පහරවල් 2 ක් සහ හතරෙ පහරවල් 16 ක් සමගින්.

මෙම තරගයේදී පැතුම් නිස්සංක නව වාර්තාවක් තැබුවා. ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින ලකුණු 2000 රැස් කල පිතිකරුවා වෙමින්. ඔහුට ඒ සඳහා වැය වූයේ ඉනිම් 52 ක් පමණයි. ඔහු අද බිඳ දැමුවේ උපුල් තරංග ඉනිම් 63 ක් තුල ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම 2000 රැස් කර තිබූ වාර්තාවයි. සුපිරි ඉන්දිය පිතිකරු විරාට් කෝලි ද ලකුණු 2000 සීමාව පසු කිරීමට ඉනිම් 53 ක් ගත කර තිබුනා.

මේ තරඟයේ පැතුම් නිස්සංක බිඳ දැමූ තවත් වාර්තා කිහිපයක්
ශ්‍රී ලංකාව තුලදී තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් වැඩිම ලකුණු ලාභියා – ලකුණු 346
මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඇෆ්ගනිස්තාන පිතිකරු ඉබ්‍රහිම් සද්‍රාන්. ඔහු 2022 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 278 ක් රැස් කරතිබුනා.
තරග තුනකින් යුත් එක්දින තරගාවලියක ශ්‍රී ලංකික පිතිකරුවෙක් රැස් කල වැඩිම හතරේ පහරවල් ගනන – 39
මීට පෙර T.M Dilshan 2009 වසරේදී පාකිස්තානයට එරෙහිව හතරේ පහරවල් 28 ක් රැස්කොට තිබුනා.
ශ්‍රී ලංකාව තුලදී වේගවත්ම එක්දින ලකුණු 1000 රැස්කල ශ්‍රී ලාංකික පිතිකරුවා- ඉනිම් 22

ඔහු බිඳ දැමුවේ චරිත් අසලංක ඉනිම් 24 කදී තබා තිබූ වාර්තාවයි.

දැවැන්ත හයේ පහර 5 සමඟින් අවිශ්ක ප්‍රනාන්දුගේ ඉනිම වීඩියෝ එක,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button