ඉන්ටර්නැෂනල් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ පළමු සුදුසුකම් ලැබීමේ තරඟය MI එමිරෙට්ස් කණ්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන් MI එමිරෙට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 163 ක් රැස්කළා. MI එමිරෙට්ස් ඉනිම වෙනුවෙන් නිකලස් පූරන් ලකුණු 36 ක් වාර්තා කළ අතර ඩුවයින් බ්රාවෝ ලකුණු 30 ක් වාර්තා කළා. කුසල් ජනිත් පෙරේරාටා මෙම තරඟයේදී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 22 ක් පමණයි.
ලකුණු 164 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම ලකුණු 118 කට සීමාකිරීමට MI එමිරෙට්ස් පන්දුයවන්නන් සමත්වුනා. එහිදී විශිෂ්ට පන්දුයැවීමක නිරතවෙමින් සිය පන්දුවාර හතර තුළ ලකුණු 22 කට කඩුලු 03 ක් බිඳදැමීමට විජයකාන්ත් වියස්කාන්ත් සමත්වුණා.
ඒ අනුව ලකුණු 45 ක ජයක් වාර්තා කළ MI එමිරෙට්ස් කණ්ඩායම මෙවර ඉන්ටර්නැශනල් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගත්තා.
විජයකාන්ත් වියස්කාන්ත් දවාගත් කඩුලු ( වීඩියෝව )