ශ්‍රී ලංකාව තුලදී Legends Cricket තරගාවලියක් -
Legends

ශ්‍රී ලංකාව තුලදී Legends Cricket තරගාවලියක්

මෙම වසරේදී ශ්‍රී ලංකාව තුල Legends Cricket තරගාවලියක් පැවැත්වීමට නියමිතයි. ඒ රටවල් 8 ක පමණ විශ්‍රාම ගිය විශිෂ්ට ක්‍රීඩකයන්ගේ රැසක සහභාගීත්වයෙන්.

තරගාවලිය මාර්තු මස 8 වෙනිදා පල්ලෙකැලේ පිටියේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියේ නිල කුසලානය එලි දැක්වීම අද (15) කොළඹදී සිදුවුනා.

යුවරාජ් සිං, T.M. ඩිල්ෂාන්, සුරේෂ් රයිනා, ඒරොන් ෆින්ච්, ක්‍රිස් ගේල් , හර්බජාන් සිං සහ රොබින් උත්තප්පා මෙම තරගාවලියේ Icon ප්ලේයර්ස්ලා ලා ලෙස සහභාගී වීමට නියමිතයි.
තරගාවලියේ කණ්ඩායම් වලට ක්‍රීඩකයන් තෝරන Player Draft එක ෆර්වීස් මහරූෆ් ගේ ප්‍රධානත්වයෙන් අද(15) දින ආරම්භ වනු ඇත.

තරගාවලිය සඳහා Legendary ක්‍රීඩකයින් 90 ක් රටවල් 8 කින් පමණ සහභාගී වීම අපේක්ෂා කරන අතර තරගාවලිය කණ්ඩායම් 7 කින් සමන්විතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button