උගන්ඩාවට එරෙහිව තුන්වන T20 තරඟයෙන් ශ්‍රී ලංකා Development XI කණ්ඩායමට පහසු ජයක්. -
Domestic

උගන්ඩාවට එරෙහිව තුන්වන T20 තරඟයෙන් ශ්‍රී ලංකා Development XI කණ්ඩායමට පහසු ජයක්.

ශ්‍රී ලංකා Development XI හා උගන්ඩාව අතර තරඟ 7කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන තරඟය අද (16) පැවැත්වුණ අතර, එම තරඟයෙන් පහසු ජයක් ලබාගැනීමට අශාන් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා Development XI කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පලමුව පන්දුවට පහර දුන් උගන්ඩා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 166ක් වාර්තා කරගැනීමට සමත්වූ අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Simon Ssesasi පන්දු 51කදී ලකුණු 70ක් ලබාගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී Danal Hemananda ලකුණු 34කට කඩුලු 2ක් බිඳ දැමූ අතර, Lakshan Sandakan ලකුණු 36කට කඩුලු 2ක් බිඳ දැමූවා.

අනතුරුව ලකුණු 167ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා Development XI කණ්ඩායම පන්දුවාර 18.3ක් අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Krishan Sanjula පන්දු 48කදී නොදැවී ලකුණු 63ක් ලබාගත් අතර, Ahan Wickramasinghe පන්දු 25කදී ලකුණු 34ක් හා කමිල් මිශාර ද ලකුණු 30ක් ලබාගැනීමට සමත්වුණා.

ඒ අනුව තරඟ 7කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන තරඟයත් ජයග්‍රහණය කරමින්, ශ්‍රී ලංකාව තරඟ 3-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ ගැනීමට සමත්වී තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button