තරඟ පාවාදීමක් හේතුවෙන් රිස්වාන්ට වසර 17යි මාස 6ක තහනමක්. -
News

තරඟ පාවාදීමක් හේතුවෙන් රිස්වාන්ට වසර 17යි මාස 6ක තහනමක්.

බ්‍රිතාන්‍යයේ ක්‍රීඩා සමාජකයක ක්‍රීඩකයෙකු වන රිස්වාන් ජාවේඩ්ට වසර 17යි මාස 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබෙනවා.

ඒ, 2021 වසරේ අබුඩාබිහීදී පැවතී T10 ලීග් තරඟාවලියේදී සිදුකළ තරඟ පාවාදීමක් හේතුවෙන්.

එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී සංග්‍රහයේ උල්ලංඝණය කිරීම් 5කට රිස්වාන් වරදකරු වූ අතර, ඔහු චෝදනාවලට ප්‍රතිචාර නොදැක්වීම නිසා වරදකරු ලෙස සලකනු ලැබීය.

මෙය ICC ය විසින් පුද්ගලයෙක්ට පැනවූ දෙවෙනුවට දීර්ඝතම ක්‍රිකට් තහනම වන අතර, මීට පෙර සිම්බාබ්වේ තරඟ නිළධාරියෙකු වූ Rajan Nayar හට වසර 20ක ක්‍රිකට් තහනමක් අයි.සී.සී ය විසින් පනවා තිබෙනවා. ඒ ICC ය විසින් පුද්ගලයෙක්ට පැනවූ දීර්ඝතම ක්‍රිකට් තහනමයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button