ඉන්ටර්නැෂනල් ලීග් ශූරතාවය මුම්බායි එමිරෙට්ස් කණ්ඩායමට -
ILT2O

ඉන්ටර්නැෂනල් ලීග් ශූරතාවය මුම්බායි එමිරෙට්ස් කණ්ඩායමට

මෙවර ඉන්ටර්නැෂනල් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟය MI එමිරෙට්ස් කණ්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.

ප්‍රතමයෙන් පන්දුවට පහරදුන් MI එමිරෙට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 කට ලකුණු 208 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟුවා. එහිදී එමිරෙට්ස් ඉනිමේ පළමු පිතිකරුවන් සිව්දෙනාම ලකුණු අතරට පිවිසි අතර ඇන්ඩ්‍රි ෆ්ලෙචර් (53) සහ නායක නිකලස් පූරන් (57*) අර්ධ ශතක වාර්තා කළ. නැවතත් සාර්ථක ඉනිමක් දියත්කළ කුසල් ජනිත් පෙරේරා ලකුණු 38 ක් රැස්කළා.

ලකුණු 209 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඩුබායි කැපිටල්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 163 ක් පමණයි. පන්දුයැවීමේදී නැවතත් විශිෂ්ට පන්දුයැවීමක නිරතවෙමින් ලකුණු 24 කට කඩුලු දෙකක් බිඳදැමීමට විජයකාන්ත් වියස්කාන්ත් සමත්වුණා. ට්‍රෙන්ට් බොල්ට් ලකුණු 20 කට කඩුලු දෙකක් බිඳදැමුවා.

ඒ අනුව ලකුණු 45 ක පහසු ජයක් වාර්තා කළ MI එමිරෙට්ස් කණ්ඩායම 2024 ඉන්ටර්නැෂනල් ලීග් තරඟාවලියේ ශූරතාවය හිමිකරගත්තා. තරඟයේ වීරයා සම්මානය එමිරෙට්ස් නායක නිකලස් පූරන්‍ට හිමිවුණා.

තරඟාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමිවන රතු බඳපටිය ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ ශිකන්දර් රාසාට හිමිවූ අතර තරඟාවලියේ වැඩිම ලකුණුලාභියාට හිමිවන කොළ බඳපටිය ජෙම්ස් වින්ස්ට හිමුවුණා. තරඟාවලියේ වැඩිම කඩුලුලාභියාට හිමිවන සුදු බඳපටිය වකාර් සලම්කීල්ට හිමුවුණා. හොඳම එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයාට හිමිවන නිල් බඳපටිය මුහමඩ් වසීම්ට හිමිවූ අතර තරඟාවලියේ හොඳම උඩපන්දුවට හිමි ත්‍යාගය සෑම් බිලින්ග්ස්ට හිමිවුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button