ජයිස්වාල්ගේ ද්විත්ව ශතකය සැමරූ සෆ්‍රාස් -
Video

ජයිස්වාල්ගේ ද්විත්ව ශතකය සැමරූ සෆ්‍රාස්

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැති තෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 434 ක දැවැන්ත ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම අද(18) සමත්වුනා.කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට ලකුනු 445 යි. රෝහිත් ශර්මා ලකුණු 131 ක් සහ රවීන්ද්‍ර ජඩේජා ලකුණු 112 ක් රැස් කලා. පිලිතුරු ඉනිම ක්‍රීඩාකල එංගලන්ත ඉනිම ලකුණු 319 කට සීමා කිරීමට ඉන්දීය පන්දුයවන්නන් සමත්වුනා. බෙන් ඩක්ට් ලකුණු 153 යි.

දෙවෙනි ඉනිමට ඉන්දීය පිතිකරුවන් කඩුලු 4 ක් දැවී ලකුණු 430 ක් රැස් කර ඉනිම අත් හිටුවීමට තීරණය කලා. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ යසස්වී ජයිස්වාල් නොදැවී ලකුණු 214 ක් රැස් කලේ පන්දු 236 කට මුහුණ දෙමින් . ඔහුගේ ඉනිමට හයේ පහරවල් 12 ක් සහ හතරේ පහරවල් 14 ක් ඇතුලත් වුනා. දැවැන්ත ලකුණු 557 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 122 ක් පමණයි.

මෙම තරගයේදී ජයිස්වාල් තම ද්විත්ව ශතකය රැස් කරද්දී විශේෂ සිදුවීමක් සිදුවුනා. ඒ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් වල ඉතා කුඩා නගරයක් වූ අසාම්ගර් නගරයේ සිටි පැමිණ මෙම තරගයේදී ජාත්‍යන්තර වරම් ලැබූ සෆ්‍රාස් කාන් තම අනෙක් අන්තයේ පිතිකරුවා වූ ජයිස්වාල්ගේ ද්විත්ව ශතකය ජයිස්වාල්ටත් පෙරම ඔහු සැමරීමයි.

එම සිදුවීමට අදාල වීඩියෝව පහතින් නරඹන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button