දුශ්මන්ත චමීර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට. -
IPLLeagueNews

දුශ්මන්ත චමීර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා පැවතී ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු කණ්ඩායම් 3කින් ලබාගත් අතර, වෙන්දේසිය ඉදිරිපත් වී සිටි දුශ්මන්ත චමීරව කිසිම කණ්ඩායමකින් ලබාගත්තේ නෑ.

නමුත්, තවත් දින කිහිපයකින් ආරම්භ වීමට නියමිත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම, ආදේශ ක්‍රීඩකයෙක් ලෙස දුශ්මන්ත චමීරව තම කණ්ඩායම වෙත රැගෙන තිබෙන බවට වාර්තාවෙනවා.

ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ආබාධයකට හෝ වෙනත් වෙනත් ඕනෑම කටයුත්තකට කණ්ඩායමෙන් ඉවත්වුවහොත්, දුශ්මන්ත චමීර හට තරඟාවලිය ක්‍රීඩා කිරීමට හැකයි.

ඒ අනුව මෙවර IPL තරඟාවලියේ සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයින්,

මහීශ් තීක්ශන, මතීෂ පතිරණ, (චෙන්නායි සුපර් කින්ග්ස්)
වනිඳු හසරංග (සන්රයිසස් හයිද්‍රාබාද්)
ඩිල්ශාන් මධුසංක, නුවන් තුශාර (මුම්බායි ඉන්දියන්ස්)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button