වනිදු හසරංග ලංකාවෙන්ම පළවෙනියා වෙයි. -
Records

වනිදු හසරංග ලංකාවෙන්ම පළවෙනියා වෙයි.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේදී නජිබුල්ලාහ් සද්‍රාන්ගේ කඩුල්ල දවාගැනීමත් සමග වනිදු හසරංග විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම කඩුලු 100 දවාගත් පන්දුයවන්නා බවට පත්වුනා. ඔහුට ඒ සඳහා වැයවූයේ තරග 63 ක් පමණයි. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ ලසිත් මාලිගයි. ඔහුට එම කඩයිමට පිවිසීමට තරග 76 ක් වැයවුනා.

එසේම වනිදු හසරංග වාර්තා පොත් අතරට එක්වූයේ ලොව දෙවන වේගවත්ම විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 100 හිමිකරුවා ලෙසිනි. ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රශීඩ් කාන්. ඔහු වේගවත්ම් විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 100 ලබාගත්තේ තරග 53 කට පමණක් මුහුණදෙමින්.

වේගවත්ම කඩුලු 100 ලැයිස්තුවේ මුල් 5 දෙනා

රශීඩ් කාන් – තරග 53
වනිඳු හසරංග – තරග 63
මාක් අඩෙයර් – තරග 72
ලසිත් මාලිංග – තරග 76
ඉෂ් සෝදි – තරග 78

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button