ශ්‍රී ලංකාවට දෙවන තරගයෙන් ලකුණු 72 ක ජයක් -
News

ශ්‍රී ලංකාවට දෙවන තරගයෙන් ලකුණු 72 ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවති දෙවෙනි විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72 ක ජයක් වාර්තා කිරීමට සමත්වුනා. කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක ඊබ්‍රහිම් සද්‍රාන් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කල. ඒ අනුව පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් සමගින් පැතුම් නිස්සංක.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට වේගවත් ලකුණු 45 ක් එක් කලා. පැතුම් නිස්සංක පන්දු 11 කදී ලකුණු 25 කුත් කුසල් මෙන්ඩිස් පන්දු 14 කදී ලකුණු 23 ක් රැස්කර දැවී ගියා. මන්දගාමී ඉනිමක් ක්‍රීඩා කල දනංජයද සිල්වා රැස් කලේ ලකුණු 14 ක් පමණයි. ඉන් අනතුරුව පිටියට පැමිනි නායක වනිදු හසරංග පන්දු 9 කදී වේගවත් ලකුණු 22 ක් රැස් කලේ හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරක් සමගින්.

චරිත් අසලංක පන්දු 8 කට මුහුණ දී රැස් කලේ ලකුනු 4 ක් පමණයි. ඔහුගේ දැවීයාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිම දැක්වූයේ කඩුලු 5 කට ලකුණු 121 ක් ලෙසින්. කෙසේ නමුත් 6 වන කඩුල්ලට වේගවත් ලකුණු 66 ක් එක් කිරීමට ඇන්ජලෝ මැතිවුස් හා සදීර සමරවික්‍රම සමත්වුනා. 19 වන පන්දුවාරයේදී ඇන්ජලෝ මැතිවුස් විසින් අස්මතුල්ලාහ් ඕමර්සායි වෙත පිට පිට හයේ පහරවල් තුනක් එල්ලකිරීම කැපීපෙනුනා. මේ අතර තුර සදීර සමරවික්‍රම තම මංගල විස්සයි විස්ස අර්ධ ශතකය වාර්තා කරනු ලැබුවා. පන්දුවාර 20 අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 187 ක් රැස් කල. සදීර සමරවික්‍රම පන්දු 42 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 51 ක් හා ඇන්ජලෝ මැතිවුස් පන්දු 22 කදී නොදැවී ලකුණු 42 ක් රැස් කලේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගින්.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඇෆ්ගනිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 120 ක් පමණයි. පන්දු යැවීමෙදී ඇන්ජලෝ මැතිවුස් ලකුණු 9 කට කඩුලු 2 ක් ද බිනුර ප්‍රනාන්දු ලකුණු 18 කට කඩුලු 2 ක් ද වනිදු හසරංග ලකුණු 19 කට කඩුලු 2 ක් ද මතීෂ පතිරණ ලකුණු 22 කට කඩුලු 2 ක් ද බිඳ හෙලුවා. තවද මහීෂ් තීක්ෂණ හා දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

මෙම තරගයේ ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටිනවා. දෙරට අතර අවසන් විස්සයි විස්ස තරගය ලබන 21 වෙනිදා දඹුල්ල ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ වේගවත් ඉනිම වීඩියෝ එක මෙන්න,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button