මතීෂට නෙට් එකේ ෆේස් කරන එක තමයි ලොකුම අභියෝගය – මැතිව්ස් -
ConferenceVideo

මතීෂට නෙට් එකේ ෆේස් කරන එක තමයි ලොකුම අභියෝගය – මැතිව්ස්

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන දෙවන විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 72 ක පහසු ජයක් වාර්තා කරමින් තවත් තරඟයක් ඉතිරිව තිබියදීම තරඟාවලියේ ජය වාර්තා කිරීමට වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයෙන් අනතුරුව පැවති මාද්‍ය හමුවේදී තරඟයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත් ඇන්ජලෝ මැතිව්ස් මතීශ පතිරණ පිළිබඳව මෙලෙසින් අදහස් දැක්වුවා.

මතීශ පතිරණව නෙට් එකේ ෆේස් කරන එක තමයි මන් හිතන්නෙ අපිට තියෙන ලොකුම අභියෝගය. මොකද ගොඩක් බැට්ස්මන්ලට ඔහු බෝල් කරන විදිහට බෝලෙ පේන්නෙත් නෑ අනිත් එක එන ඒ වේගේ.. කන්සිස්ටන්ස්ලි 150 ට දානවා. ගිය මැච් එකේදිත් මේ මැච් එකේදිත් අපි ඒ දේ දැක්කා. 150 ට දානව කියන්නෙ අත කෙලින් කරලා හරි ඒක හරි අමාරුයි.

මන් හිතන්නෙ ඔහු ෆ්‍රැන්චයිස් ක්‍රිකටුත් ගහලා ඒ එක්ස්පීරියන්ස් එකෙන් ඉතාමත්ම ඉක්මනට මේ මට්ටමට ඇවිල්ල තීනවා. මොකද ඔහුට තාම අවුරුදු 21 යි. ඔහුට අන්තිම ඕවරේ ලකුණු 12 ක් ඩිෆෙන්ඩ් කරන්න කිව්වොතින් මැචස් 10 කින් 9 ක් හෝ 8 ක් අනිවාර්යයෙන් ජයග්‍රහණය කරලා දෙනවා. මොකද එච්චරට අමාරු බෝලර් කෙනෙක්. ඉතින් අපි ඔහුව හොඳට බලාගන්නෝනෙ. ඔහු ඉතාමත්ම හොඳයි ඩිසිපීල්න් ක්‍රිකටර් කෙනෙක්. මන් ගොඩක් අශාවෙන් බලන් ඉන්නවා ඔහු ඉදිරියේදී ක්‍රීඩාකරන විදිහ ගැන.

නවීන් උල්-හක් දවාගැනීමට මතීෂ පතිරණ යොමු කළ යෝකර් පන්දුව වීඩියෝ එක,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button