ශ්‍රී ලංකා බංග්ලාදේශ සංචාරයේ තරග කාලසටහන නිකුත් කෙරේ. -
News

ශ්‍රී ලංකා බංග්ලාදේශ සංචාරයේ තරග කාලසටහන නිකුත් කෙරේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලිය සඳහා වන කාල සටහන අද(20) මාධ්‍යයට නිකුත් කලා. තරගාවලිය ටෙස්ට් තරග 02 ක් එක්දින තරග 03 ක් සහ විස්සයි විස්ස තරග 03 කින් සමන්විතයි.

විස්සයි විස්ස තරග 03 මාර්තු මස 04, 06 හා 09 යන දිනයන් හීදී පැවැත්වීමට නියමිතයි. තරග තුනම Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එක්දින තරග 03 පිළිවෙලින් මාර්තු මස 13 ,15 සහ 18 යන දිනයන් හිදී Chattogram හීදි දිවා රාත්‍රී තරග ලෙසින් පැවැත්වේ.

පළමු ටෙස්ට් තරග මාර්තු මස 22 සිට 26 වෙනිදා දක්වා Sylhet හී පැවැත්වීමට නියමිත අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු මස 30 සිට අප්‍රේල් 3 දක්වා Chattogram හි දී පැවැත්වීමට නියමිතයි.

මතීෂ පතිරණට නෙට් එකේ ෆේස් කරනවා කියන්නේ අපිට ලොකු අභියෝගයක් – ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍ය හමුවේදී කිව්ව කතාව මෙන්න. (Click)

දෙවන T20 තරඟයේදී ඇන්ජලෝ මැතිව්ස්ගේ වේගවත් ඉනිම වීඩියෝ එක මෙන්න. (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button