ටිම් ඩේවිඩ්ගෙ ප්‍රහාරයත් සමඟින් ඕස්ට්‍රේලියාවට තියුණු ජයක්. -
Video

ටිම් ඩේවිඩ්ගෙ ප්‍රහාරයත් සමඟින් ඕස්ට්‍රේලියාවට තියුණු ජයක්.

සංචාරක ඕස්ටේලියා කණ්ඩායක සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද පැවැත්වුණා.

ප්‍රතමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු තුනකට ලකුණු 215 ක් රැස්කළ අතර ඩෙවෝන් කොන්වේ සහ රචින් රවීන්ද්‍ර වේගවත් අර්ධ ශතක රැස්කළා.

ලකුණු 216 ක ඉලක්කයක් හිමිවූ ඕස්ටේලියා කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව පන්දුවාර 20 අවසානයේ එම ඉලක්කය හඹාගියා. ඕස්ටේලියාව වෙනුවෙන් නායක මිච් මාර්ශ් පන්දු 44 කදී නොදැවී ලකුණු 72 ක් රැස්කළා. ඕස්ටේලියාව ජයග්‍රහණය කරා රැගෙන යමින් වේගවත් ප්‍රාහාරයක් දියත්කළ ටිම් ඩේවිඩ් පන්දු 10 ක් තුළ නොදැවී ලකුණු 31 ක් රැස්කළා.

තරඟය ජයග්‍රහණය සඳහා ටිම් සවුති යොමුකළ අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවට ලකුණු 4 ක් අවශ්‍යව තිබූ අතර අවසන් පන්දුවේදී ටිම් ඩේවිඩ් හතරේ පහරක් එල්ලකරමින් ඕස්ටේලියා ජයග්‍රහණය තහවුරු කළා.

එම අවස්තාව සහ ටිම් ඩේවිඩ් මුහුණදුන් අවසන් පන්දු තුන පහතින් නැරඹිය හැකියි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button