තියුණු තරඟයකින් අනතුරුව ඇෆ්ගනිස්තානයට ලකුණු 3ක ජයක්. -
Match Results

තියුණු තරඟයකින් අනතුරුව ඇෆ්ගනිස්තානයට ලකුණු 3ක ජයක්.

(වීඩියෝ පහළින් නැරඹිය හැක) ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ තුන්වන හා අවසන් විස්සයි විස්ස තරඟයට අද (21) පැවැත්වුණ අතර, තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තානය පලමුව පන්දුවට පහරදීමට තීරණය කළා. මෙම තරඟයේද ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ද 4ක් සිදුකර තිබුණා. (කමිඳු මෙන්ඩිස්, කුසල් පෙරේරා, නුවන් තුශාර, අකිල ධනංජය)

ඒ අනුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 206ක් ලබාගැනීමට සමත්වූ අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Rahmanullah Gurbaz පන්දු 43කදී හතරේ පහර 7ක් ඛා හයේ පහරක් සමඟින් ලකුණු 70ක් ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී, මතීෂ පතිරණ, අකිල ධනංජය කඩුලු දෙක බැඟින් දවාගත් අතර, නායක වනිඳු හසරංග එක් කඩුල්ලක් ද ලබාගැනීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසී ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 206ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ කමිඳු මෙන්ඩිස් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 39කදී හතරේ පහර 7ක් හා හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 65ක් ලබාගැනීමට සමත්වුණා.

ඊට අමතරව පැතුම් නිස්සංක පන්දු 30කදී වේගවත් ලකුණු 60ක් ලබාසිටියදී අවාසනාවන්ත ලෙස ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වීමට සිදුවුණා.

මෙම තරඟයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 3ක තියුණු ජයක් වාර්තා කළ නමුත්, තරඟාවලියේ පලමු හා දෙවන තරඟ ජයග්‍රත් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජය හිමිවූ අතර, ශ්‍රී ලංකා නායක වනිඳු හසරංග තරඟාවලියේ වීරයා සම්මානය දිනාගත්තා.

මතීෂ පතිරණ පිට පිට ලබාගත් කඩුලු දෙක වීඩියෝ එක මෙන්න,

ආබාධය තිබියදීත්, දැවැන්ත හයේ පහරක් එල්ල කළ පැතුම් නිස්සංකගේ වීඩියෝ එක මෙතනින් බලන්න. (Click කරන්න)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button