වනිඳු හසරංග හා පැතුම් නිස්සංක icc ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට. -
News

වනිඳු හසරංග හා පැතුම් නිස්සංක icc ශ්‍රේණිගත කිරීමෙහි ඉදිරියට.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය මඟින් නිකුත් කරනු ලබන ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමෙහි මෙම සතියේ‍ත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී එක්දින හා විස්සයි විස්ස තරඟාවලි වලදී දැක්වූ දක්ශතා හේතුවෙන්.

එහිදී ප්‍රථමයෙන්ම, එක්දින තරඟාවලිය අතරතුරේදී ද්විත්ව ශතකයක් හා ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංක, ස්ථාන 7කින් ඉදිරියට පැමිණෙමින් අංක 11 ස්ථානයේ රැඳී සිටිනවා. පැතුම් නිස්සංක ප්‍රසාද ලකුණු 696ක් ලබාගෙන ඇති අතර, ලැයිස්තුවේ 10 වන ස්ථානයේ සිටින දකුණු අප්‍රිකා ක්‍රීඩක ක්ලාසන් හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 697කි.

පසුගිය සතියේ විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක දෙක ස්ථානයේ මහීශ් තීක්ශනත්, අංක 3 වන ස්ථානයේ වනිඳු හසරංගත් රැඳීසිටි අතර, නවතම ශ්‍රේණිගත කිරීමට අනුව මහීශ් තීක්ශනව පසුකර යමින් වනිඳු හසරංග අංක දෙක ස්ථානයට පැමිණ තිබෙනවා. ඒ ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී විස්සයි විස්ස තරඟ දෙකේදී දැක්වූ දක්ශතා හේතුවෙන්.

තවද, පලමු විස්සයි විස්ස තරඟයේදී වේගවත් අර්ධ ශතකයක් හා දෙවන තරඟයේ පන්දු 9කින් ලකුණු 22ක් ලබාගැනීම හේතුවෙන්, විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි ද ස්ථාන 7කින් ඉදිරියට පැමිණෙමින් අංක 2 ස්ථානයට පැමිණ තිබෙනවා.

මීට පෙර ශ්‍රී ලංකා කිසිම ක්‍රීඩකයෙක් විස්සයි විස්ස පිටියේ තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක 1ට පැමිණ නොමැත. හිටපු සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය 2006 වර්ෂයේදී තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීමෙහි අංක දෙකට පැමිණ තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button