පළමු තරඟ ද්විත්වයේ ජය නුවරට සහ කොළඹට..
නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලිය අද ආරම්භ වූ අතර අද තරඟ දෙකක් පැවැත්වුණා.
එහිදී පළමු තරඟය ලෙසින් ගාල්ල කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර තරඟය පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
එහිදී පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 146 ක් පමණයි. එහිදී ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 66 ක් රැස්කළ අතර සාර්ථක පන්දුයැවීමක නිරතවූ ලහිරු කුමාර ලකුණු 31 කට කඩුලු 03 ක් බිඳහෙලුවා.
ඒ අනුව නුවර කණ්ඩායමට හිමිවූ ලකුණු 147 ක ඉලක්කය කඩුලු දෙකක් පමණක් දැවී පහසුවෙන් හඹායමින් තරඟාවලියේ පළමු ජය නුවර කණ්ඩායම වාර්තා කළා. එහිදි කමිල් මිශාර නොදැවී ලකුණු 66 ක් රැස්කළා.
තරඟාවලියේ දෙවන තරඟය ලෙසින් ජැෆ්නා කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර තරඟය පැවැත්වුනේ දඹුල්ල ක්‍රීඩාංගනයේදී. එහිදි පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 06 කට ලකුණු 310 ක් රැස්කළා. ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් වාර්තා කළ නිපුන් කරුණානායක නොදැවී ලකුණු 108 ක් රැස්කළ අතර හසිත බෝයගොඩ ලකුණු 86 ක් රැස්කළා.
ලකුණු 311 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කලම්බු කණ්ඩායම කඩුලු 7 ක් දැවී පන්දුවාර 47 යි පන්දු 3 ක් තුළ එම ඉලක්කය හඹායමින් කඩුලු තුනක ජයක් වාර්තා කළා. කලම්බු කණ්ඩායම වෙනුවෙන් නුවනිදු ප්‍රනාන්දු ලකුණු 61 ක් සහ විශාද් රන්දික ලකුණු 54 ක් රැස්කළ අතර කලම්බු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය අශේන් බණ්ඩාර නොදැවී ලකුණු 80 ක් රැස්කළේ පන්දු 66 කින්.