2024 කාන්තා ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරඟාවලිය ඊයේ ආරම්භ වුනා. ඒ ඉන්දීය සුපිරි බොලිවුඩ් තරු රැසක් පිරිවරාගත් විචිත්‍රවත් සමාරම්භක උළෙලකින්. (එම අවස්තා පහළින් නැරඹිය හැකියි) සුපිරි බොලිවුඩ් තරු වන ශාරුක් ඛාන්, ශාහීඩ් කපූර්, ටයිගර් ෂැරෝෆ්, කාර්තික් ආර්යන් සහ සිද්ධාර්ත් මලහොත්රා ඒ සඳහා සහභාගී වුණා.
සමාරම්භක උළෙලෙන් අනතුරුව පළමු තරඟය ලෙසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරඟ බිමට පිවිසියා.
පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 171 ක් රැස්කළ අතර විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ Alice Capsey ලකුණු 75 ක් රැස්කළා.
ලකුණු 172 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පන්දුවේදී එම ඉලක්කය හඹායමින් කඩුලු 04 ක ජයක් වාර්තා කළා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් යශ්තිකා භාතියා සහ හර්මන්ෆීට් කෝර් අර්ධ ශතක රැස්කළ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 05 ක් අවශ්‍ය වුණා. එහිදී සන්ජීවන් සංජනා තමා මුහුණදුන් පළමු පන්දුවේම හයේ පහරක් එල්ලකරමින් මුම්බායි ඉන්දියන්ස් ජය තහවුරු කළා.
අවසන් පන්දුවේදී එල්ල කළ හයේ පහර ( වීඩියෝව )
බොලිවුඩ් තරු පිරිවරාගත් සමාරම්භක උළෙලේ අවස්තාවන්