සුපිරි වේගපන්දු යවන්නාට බංග්ලාදේශය සංචාරය අහිමිවෙයි. -
News

සුපිරි වේගපන්දු යවන්නාට බංග්ලාදේශය සංචාරය අහිමිවෙයි.

බංග්ලාදේශයය සමඟින් ටෙස්ට් තරඟ 2කින් , එක්දින තරඟ 3කින් හා විස්සයි විස්ස තරඟ 3කින් සමන්විත පූර්ණ තරඟාවලියක් මාර්තු මාසයේදී බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත වන අතර, පලමු තරඟය ලෙස පලමු විස්සයි විස්ස තරඟය මාර්තු 4 වන දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරඟාවලිය සඳහා තවමත් ශ්‍රී ලංකා සංචිතය නම් කර නොමැත අතර, වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන දුශ්මන්ත චමීරට මෙම තරඟාවලිය අහිමිවෙනවා.

ඒ, ඔහු ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී එක්දින තරඟාවලිය අතරතුරේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි.

දුශ්මන්ත චමීරගේ මෙම ආබාධය හේතුවෙන්, අසිත ප්‍රනාන්දු සංචිතය කැඳවා ඇති බවට වාර්තාවෙනවා. දුශ්මන්තගේ ආබාධය හේතුවෙන් අසිත ප්‍රනාන්දු ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී තුන්වන එක්දින තරඟයද ක්‍රීඩා කළ අතර එහිදී ඔහු කඩුලු 2ක් ද ලබාගැනීමට සමත්වුණා.

මීට අමතර, වනිඳු හසරංගට ICC ය විසින් තරඟ 2කක තහනමක් පැනවීම හේතුවෙන් ඔහුට ද, විස්සයි විස්ස තරඟාවලියේ පලමු තරඟ දෙක අහිමිවන අතර, ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී අවසන් තරඟයේදී ආබාධයකට ලක්වූ පැතුම් නිස්සංක ද මෙම විස්සයි විස්ස තරඟාවලිය ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩක් තිබෙනවා.

තරඟාවලියේ තරඟ කාලසටහන මෙතනින් බලන්න >> (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button