නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ අදත් (26) තරඟ දෙකක් පැවැත්වුණා. -
Domestic

නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ අදත් (26) තරඟ දෙකක් පැවැත්වුණා.

එහිදී කොළඹ කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර පැවති තරඟයේ ජය වාර්තා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුලු 9 කට ලකුණු 261 ක් රැස්කළා. අවිශ්ක ප්‍රනාන්දු සහ තරිඳු රත්නායක කලම්බු කණ්ඩායම වෙනුවෙන් අර්ද ශතක රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 4 ක් අවසානයේ ඉලක්කය හඹායමින් කඩුලු 03 ක ජයක් වාර්තා කළා. දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත්කළ පවන් රත්නායක ලකුණු 90 ක් රැස්කළ අතර රනේශ් සිල්වා අර්ද ශතකයක් වාර්තා කළ. කොළඹ කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දුයැවීමක නිරතවූ තරිඳු රත්නායක ලකුණු 39 කට කඩුලු තුනක් බිඳහෙලුවා.

අද දින පැවති අනිත් තරඟය පැවැත්වුණේ කැන්ඩි කණ්ඩායම සහ ජැෆ්නා කණ්ඩායම අතරයි. පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 50 හ අවසානයේ කඩුලු 07 කට ලකුණු 359 ක් රැස්කළා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකළ ලහිරු උදාර ලකුණු 93 ක් රැස්කළේ පන්දු 61 කින්. ඊට අමතරව කමිල් මිශාර ලකුණු 76 ක් රැස්කළ අතර නායක නිරෝශන් දික්වැල්ල අර්ද ශතකයක් වාර්තා කළා.

ලකුණු 360 ක ඉලක්කයක් හිමිවූ ජැෆ්නා කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව පන්දුවාර 48 යි පන්දු 5 කදී කඩුලු 9 ක් දැවීතිබියදී එම ඉලක්කය හඹායමින් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළා. ජැෆ්නා ඉනිමේ නැංගුරම බවට පත්වූ ජනිත් ලියනගේ පන්දු 106 කදී ලකුණු 130 ක් රැස්කළා. ඊට අමතරව ලහිරු මදුසංක ලකුණු 87 ක් රැස්කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button