ලංකා T10 තරගාවලියට දින නියම වෙයි. -
T10

ලංකා T10 තරගාවලියට දින නියම වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංකා T10 තරගාවලිය අද(26) එලිදක්වනු ලැබුවා. මෙම තරගාවලිය මෙම වසරේ දෙසැම්බර් මස 12 වෙනිදා සිට 23 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. තරගාවලිය කොළඹ කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට නියමිතයි. තරගාවලියට අදාල ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් මස 10 වෙනිදා පැවැත්වීමට නියමිතයි.

T10 තරගාවලිය කණ්ඩායම් 06 කින් යුක්ත වේ. එම කණ්ඩායම් 06 ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර 06 ක් පාදක කරගෙන නම් කිරීමට නියමිතයි. සියලුම තරග කොළඹ දී ක්‍රීඩා කරන අතර ක්‍රීඩක ලියාපදිංචිය නොවැම්බර් 05 වෙනිදා දක්වා විවෘතව තිබේ.

එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 16 ක් අන්තර්ගතවන අතර ඉන් 06 දෙනෙක් විදෙස් ක්‍රීඩකයන් වේ. T10 තරගාවලියක් සංවිධානය කරන ICC පූර්ණ සාමජිකත්වය හිමි දෙවන රට ලෙස ශ්‍රී ලංකාව පත්විය. පළමු වැන්නා වන්නේ සිම්බාබ්වේ හා දකුණු අප්‍රිකාව එක්ව සංවිධානය කරන Zim-Afro T10 තරගාවලියයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button