මිනෝද් බානුක ශතකයක් ලබාගනිද්දී, දික්වැල්ල හා දුනිත් අර්ධ ශතක වාර්තාකරයි. -
Domestic

මිනෝද් බානුක ශතකයක් ලබාගනිද්දී, දික්වැල්ල හා දුනිත් අර්ධ ශතක වාර්තාකරයි.

නැශනල් සුපර් ලීග් එක්දින තරඟාවලියේ පස්වන සහ හයවන තරඟ අද පැවැත්වුණා. (29) පස්වන තරඟය ලෙසින් දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් තරඟ වැදුණු අතර තියුණු තරඟයකින් අනතුරුව එක් කඩුල්ලක ජයක් වාර්තා කිරීමට ගාල්ල ක්ණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 241 ක් රැස්කළ අතර දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් මිනෝද් භානුක ශතකයක් වාර්තා කළා 102(116). පන්දුයැවීමේදි සාර්ථක පන්දුයැවීමක නිරතවූ මිලාන් රත්නායක ලකුණු 36 කට කඩුලු තුනක් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ගාල්ල කණ්ඩායම පන්දුවාර 47 යි එක් පන්දුවකදී කඩුලු 9 ක් දැවී ඔවුන්ට හිමිවූ ලකුණු 242 ක ඉලක්කය හඹායමින් එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළා. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් නැවතත් සාර්ථක ඉනිමක් ක්‍රීඩාකළ ශෙහාන් ප්‍රනාන්දු ලකුණු 67 ක් රැස්කළ අතර දුනිත් වෙල්ලාලගේ අර්ද ශතකයක් වාර්තා කළා 52(63). ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ලහිරු සමරකෝන් නොදැවී ලකුණු 53 ක් වාර්තා කළේ පන්දු 47 කින්.

තරඟාවලියේ හයවන තරඟය පැවැත්වුණේ කලම්බු කණ්ඩායම සහ කැන්ඩි කණ්ඩායම අතරයි. පළමුව පන්දුවට පහරදුන් කලම්බු කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 215 ක් පමණයි. කලම්බු කණ්ඩායම වෙනුවෙන් විශාද් රන්දික නොදැවී ලකුණු 59 ක් රැස්කළ අතර විශිෂ්ට පන්දුයැවීමක නිරත්වූ ලහිරු කුමාර ලකුණු 27 කට කඩුලු 03 ක් බිඳදැමුවා.

ලකුණු 216 ක ඉලක්කයක් හිමිවූ කැන්ඩි කණ්ඩායම කඩුලු 04 ක් පමණක් දැවී එම ඉලක්කය පහසුවෙන් හඹායමින් කඩුලු හයක ජයක් වාර්තා කළා. නැවතත් සාර්ථක ඉනිමක් දියත්කළ නායක නිරෝශන් දික්වැල්ල පන්දු 23 කින් වේගවත් අර්ද ශතකයක් රැස්කළ අතර කමිල් මිශාර ලකුණු 63 ක් රැස්කළා. සහන් ආරච්චිගේ නොදැවි ලකුණු 58 ක් රැස්කළා.

මේවන විට තරඟාවලියේ කණ්ඩායම පහම එක් තරඟය බැඟින් ජයගෙන තිබෙන අතර ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමිකරගෙන තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button