ශ්‍රෙයාස් අයියර්ට හා ඉශාන් කිශාන්ට ඉන්දීය කොන්ත්‍රාත් ගිවිසුම අහිමිවෙයි. -
All News

ශ්‍රෙයාස් අයියර්ට හා ඉශාන් කිශාන්ට ඉන්දීය කොන්ත්‍රාත් ගිවිසුම අහිමිවෙයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (28) පස්වරුවේ ඔවුන්ගේ නවතම කොන්ත්‍රාත් ගිවිසුම් වල ඇති ක්‍රීඩකයින් ලැයිස්තුව නිවේදනය කෙරුණ් අතර, මීට පෙරෙ මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් හිමි වූ සුපිරි ක්‍රීඩකයින් දෙදෙනෙක් ඇතුළත් නොවීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් මාතෘකාවක් බවට පත් වුණා.

අයි.පී.එල් තරගාවලියට ප්‍රමුඛතාවය ලබා දෙමින් ඉන්දියා ජාතික කණ්ඩායම වෙනුවෙන් සහා දේශීය තරඟ ක්‍රීඩා නොකිරීම හේතුවෙන් ශ්‍රෙයාස් අයියර් හා ඉෂාන් කිශාන්ව තාවකාලිකව මෙම කොන්ත්‍රාත් ගිවිසුම් වලින් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රෙයාස් අයියර් පසුගිය වසරේ දී ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුමේ හි, B කාණ්ඩයට ද, ඉශාන් කිශාන් පසුගිය වසරේ දී C කාණ්ඩයට ඇතුළත්ව සිටියා.

නිමා වූ දකුණු අප්‍රිකා තරග සංචාරයේදී, ඉෂාන් කිෂන් පෞද්ගලික හේතුවක් මත ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේක ගත් අතර, මේ වන විට පැවැත්වෙන එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සදහා ද ඔහුව ඇතුළත් කිරීමට කණ්ඩායම් කලමනාකාරීත්වය අවධානය යොමු කර තිබූනත්, තමා තවමත් ක්‍රීඩා කිරීමට සූදානමින් නොමැති බව ඉශාන් කිශාන් සදහන් කර තිබෙනවා.

ඉන්දියාව නිකුත් කරන ලද නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button