මීලඟ ටෙස්ට් තරඟයේදී, ඉතිහාස ගතවීමට නියමිත අශ්වින් හා බෙයාර්ස්ටෝ. -
All News

මීලඟ ටෙස්ට් තරඟයේදී, ඉතිහාස ගතවීමට නියමිත අශ්වින් හා බෙයාර්ස්ටෝ.

ඉන්දියාව හා එංගලන්තය අතර, තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ පස්වන හා අවසන් ටෙස්ට් මාර්තු මස 7 වන දින ආරම්භ වීමට නියමිත වන අතර, මේ වන විටත්, තරඟ 3-1ක් ලෙස ඉන්දියාව තරඟාවලිය ජයගෙන සිටිනවා.

මීලඟ තරඟයේදී, විශේෂ දෙයක් සිදුවීමට නියමිත වන අතර, කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් දෙදෙනෙක්, එකම තරඟයේදී තමාගේ ටෙස්ට් දිවියේ සියවන තරඟ ක්‍රීඩා කිරීමට නියමිතවයි.

ඒ, ඉන්දීය කණ්ඩායමේ රවිචන්ද්‍රන් අශ්වින් හා එංගලන්ත කණ්ඩායමේ ජොනී බෙයාර්ස්ටෝ යි, ඔවුන් දෙදෙනාම මේ වන විට ටෙස්ට් තරඟ 99 බැඟින් ක්‍රීඩා කර තිබෙනවා.

වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙවන් සිදුවීමක් වන්නේ තුන්වන අවස්ථාවයි. (කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් දෙදෙනෙක් එකම තරඟයේදී තම 100 වන ටෙස්ට් තරඟය ක්‍රීඩා කිරීම).

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button