විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව අයි.සී.සී යෙන් කොන්දේසි මාලාවක් -
News

විස්සයි විස්ස ලෝක කුසලානයට අදාළව අයි.සී.සී යෙන් කොන්දේසි මාලාවක්

2024 විස්සයි විස්ස ලෝක කුසලානය එළඹෙන ජූනි 01 වෙනිදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්කාරකත්වයෙන්.

කණ්ඩායම් 20 කගේ සහභාගීත්වයෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීමට නියමිත අතර සහභාගී වන කණ්ඩායම් සඳහා කොන්දේසි මාලාවක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබෙනවා.

එම කොන්දේසි පහතින්..

  • සියලුම කණ්ඩායම්වලට ලෝක කුසලානයට සහභාගිවන සිය සංචිතය එළඹෙන මැයි පළවෙනිදා වන විට නිවේදනය කළ හැකියි.
  • එළඹෙන මැයි 25 වනදා තෙක් කණ්ඩායම්වල ක්‍රීඩක වෙනස්කම් කිරීම් සිදුකළ හැකියි.
  • එක් කණ්ඩායමකට නම් කළ හැක්කේ ක්‍රීඩකයින් 15 ස් දෙනෙක් පමණයි.
  • එක් කණ්ඩායමකට පුහුණු තරඟ දෙකක් හිමිවන අතර කණ්ඩායම් සත්කාරක දේශයට පැමිණෙන පිළිවෙළ අනුව එය තීරණය වීමට නියමිතයි.

වසර 10කට පසු, කේන් විලියම්සන් ටෙස්ට් පිටියේ දුවද්දී දැවී යයි >>> වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button