ක්‍රිකට් වලට අවදානය දෙන්න අවශ්‍යයි. එම නිසා දේශපාලනයෙන් ඉවත්වෙනවා. -
News

ක්‍රිකට් වලට අවදානය දෙන්න අවශ්‍යයි. එම නිසා දේශපාලනයෙන් ඉවත්වෙනවා.

හිටපු ඉන්දීය සුපිරි පිතිකරු ගෞතම් ගාම්බීර් දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. X සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් තබමින් ඔහු පවසා ඇත්තේ ඉදිරි ක්‍රිකට් සම්බන්ධ කටයුතු සඳහා අවදානය යොමු කිරිමට අවශ්‍ය බැවින් දේශපාලන කටයුතු වලින් ඉවත්වන බවයි. ගෞතම් ගාම්බීර් ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරනවා.

ගාම්භීර් 2019 මාර්තු මාසයේදී භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වූ අතර එතැන් සිට දිල්ලි පක්ෂයේ ප්‍රමුඛ මුහුණුවරක් ගත්තා. ඔහු 2019 ලෝක් සභා මැතිවරණයේ දී නැගෙනහිර දිල්ලි ආසනයට තරඟ කර ඡන්ද 6,95,109 ක සැලකිය යුතු පරතරයකින් ජයග්‍රහණය කරනු ලැබුවා.

ගෞතම් ගාම්බීර් යනු ඉන්දියාව අවසන් වරට දිනාගත් ලෝක කුසලාන දෙකේදීම විශාල දායකත්වයක් දැක්වූ ක්‍රීඩකයෙක්. ඔහු ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 58 ක් එක්දින තරග 147 ක් සහ විස්සයි විස්ස තරග 37 ක් නියෝජනය කරනු ලැබුවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button