පැට් කමින්ස්ට IPL කණ්ඩායමක නායකත්වයක්. -
All News

පැට් කමින්ස්ට IPL කණ්ඩායමක නායකත්වයක්.

17 වන වරට පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය, මාර්තු මස 22 ආරම්භ වීමට නියමිත වන අතර, මෙවර තරඟාවලියේ ආරම්භක තරඟය පසුගිය වසරේ ශූරතාවය දිනාගත් මහේන්ද්‍ර සිං දෝණිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම හා රෝයර් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

මෙවර තරඟාවලියේ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය වෙනස් කිරීමට තීරණය කර ඇති අතර, පැට් කමින්ස් හට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වය ලබාදීමට නියමිත බව ක්‍රීඩා වෙබ්අඩවියක් වන cricbuzz සඳහන් කර තිබෙනවා.

පැට් කමින්ස්, 2023 එක්දින ලෝක කුසලාන තරඟාවලියේ ශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා වන අතර, ඔහු මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 20.5කට අලෙවි වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button